ඊයේ 06 වන දින රාත්‍රි 9.15ට පමණ
ගල්කිස්ස පොලිස් වසමේ මොරටුව සොයිසාපුර
බ්‍රැන්ඩික්ස් ආයතනයේ රසායනික ද්‍රව්‍ය අඩංගු ගබඩාවේ හදිසි ගින්නක් හටගන්නා ලදි.
ගල්කිස්ස පොලිසියට ලද තොරතුරක් මත වහා ක්‍රියාත්මක වු පොලීසිය, මොරටුව, දෙහිවල, කොළඹ ගිනි නිවීමේ කණ්ඩායම් හා ආයතනයේ සේවකයින්ද එක්ව ගින්න සමැඩපවත්වන්නට උත්සාහ ගන්නා ලදි.
ගින්න හේතුවෙන් ජීවිත හානි සිදුව නොමැති අතර ගින්න ඇතිවීමට හේතුවද මෙතෙක් අනාවරණය වී නොමැත. සිදු වු දේපල හානිය මෙතෙක් තක්සේරු කර නොමැත.  ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.