බ්‍රිතාන්‍යයේ හැරී කුමරුගේ බිරිය මෙගන් මාර්කල් මව් පදවි අපේක්ෂිතව සිටින මේ කාලයේ ඇය සම්බන්ධ
විවිධ තොරතුරු අන්තර්ජාලය තුළ පළවන අතරතුර
ඇය 2017 සිදු කළ ඉන්දීය සංචාරයක අප්‍රකට ඡායාරූප වලියක් බ්‍රිතාන්‍යයේ සන් පුවත්පත මගින් ප්‍රසිද්ධ කර තිබේ.
මෙම ඡායාරූප වලදී සාම්ප්‍රදායික ඉන්දීය කාන්තාවන්ගේ විලාසිතාවන් ඇය අනුගමනය කර තිබූ අතර එය විශේෂ දෙයක් හැටියට නම් කර තිබුනි.
වර්ල්ඩ් විෂන් රාජ්‍ය නොවන සංවිධානය වෙනුවෙන් ඉන්දීය ගම්බද කාන්තාවන්ගේ අධ්‍යාපන තත්වය පිළිබඳ අධ්‍යයනයකට 2017 ඉන්දියාවේ මුම්බායි වෙත මෙගන් ගමන් කර තිබුණ අතර ඒ වන විට ඇය හැරී කුමරු හා විවාහ වී නොසිටි නමුත් සම්බන්ධයක් පවත්වමින් සිටියාය.