ඊයේ දෙසීයකට අධික පිරිසකට මරු කැඳවමින් ලෝක අවධානය ලංකාව වෙත යොමුවූ ප්‍රහාර සිදුවන අවස්ථාව වන විට ශ්‍රී ලංකා ජනපති මෛත්‍රිපාල සිරිසේන සිටියේ සිංගප්පූරුවේය. ඔහු එරට සිට අවශ්‍ය කටයුතු
සොයා බැලූ  අතර දුරකථනයෙන් ජාතියද

ඇමතුවේය.
සිංහල අවුරුදු නැකැත්වලින් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දීයාවේ සංචාරය කරන ලද්දේ තිරුපති වන්දනාවටයි. අනතුරුව පවුලේ විවේක චාරිකාවක් ලෙස සිංගප්පූරුවේ සිදු කළ විදේශ සංචාරය අතරතුර මෙම සිදුවීම සිදුවිය. එය නිමා කර ඊයේ (21) මධ්‍යම රාත්‍රී 12.00 ට සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන්  ලංකාවට ඔහු අද 22 පැමිණියේය.