ශ්‍රී ලංකාවේද ගුවන් මගීන් අතර ප්‍රචලිත ඉන්දියානු ‘ජෙට් එයාර්වේස්’ ගුවන් සේවයේ සියලු මෙහෙයුම් කටයුතු තවකාලිකව නවතා දැමීමට එම ගුවන් සේවය තීරණය කර තිබේ.
මෙයට හේතුව සමාගමේ ඇමරිකානු

ඩොලර් බිලියන 1. 2 කට ආසන්න උග්‍ර මූල්‍ය හිඟයකි.
ණය ගෙවීමට නොහැකිව ගුවන් සේවය තවදුරටත් පවත්වාගෙන යෑම අපහසු බැවින් මෙහෙයුම් නවතා දමන බව එම ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
බදාදා අවසන් යානය ගමන් කරවන අවස්ථාව වනවිට යානා 123 කින් භාවිතයේ යොදවා තිබුනේ 5 ක් පමණි. මූල්‍ය අර්බුදය විසඳාගන්නට හැකිවෙතොත් යළි මෙහෙයුම් අරඹන්නට සූදානමින් පසුවන බවද නිවේදනයේ දැක්වේ.