නවකවදය තහනම් බව පවසමින් ආවා කල්ලිය විසින් සකසන බව සඳහන් දැන්වීම් යාපනය සරසවියේ කලා අංශයේ අලවා තිබූ බවත් සරසවිය තුළ නවකවදය නොදෙන බවට පොරොන්දු වෙමින් එහි ශිෂ්‍ය සංගම් විසින්
ද පෝස්ටර් දැන්වීම් අලවා ඇති බවත්

යාපනය විශ්වවිද්‍යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
        
එම විශ්ව විද්‍යාලයේ මෙම පෝස්ටර් ව්‍යාපාරයෙන් පසු නවකවදය සිද්ධීන් කිසිවක් වාර්තා නොවූ බවත් නවක සිසුන් ඒ පිළිබඳ සතුටින් පසුවන බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.
        
යාපනයේ බිහිවී ඇති විවිධ නම්වලින් හඳුන්වන කල්ලි කිහිපයක් මේ වනවිට ක‍්‍රියාත්මක වෙමින් ඇති බවත් ජන ජීවිතයේ නොයෙක් කටයුතුවල දී මොවුන් මැදිහත් වී සිටින බවත් යාපනයෙන් වාර්තා වේ.

මෙම පිරිස් නීති විරෝධී මත්පැන් පෙරන ස්ථාන ඇතුළු නීති විරෝධී කි‍්‍රයාකාරකම් කෙරෙන ස්ථානවලට ගොස් පුද්ගලයන්ට තර්ජනය කරන බවත් මේ නිසා සාමාන්‍ය ජනතාව දිනාගැනීමට ඔවුන් සමත් බවත් එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි. 


(විනීතා එම් ගමගේ)