2010 - 2014 කාලසීමාව තුළ ඇවන්ට්ගාඩ් මැරිටයිම් සමාගමට ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක්
පවත්වාගෙන යාමට අනුමැතිය
ලබාදීම තුළින් රජයට රුපියල් බිලියන 11.4ක පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් පවරා ඇති නඩුව ජුලි 11 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියම කළේය.