ප්‍රංශයේ පදිංචිකරුවකු විසින් කොළඹ පදිංචිකරුවකුගේ නමට එවා තිබූ පාසලයක්  පසුගිය10 දා මධ්‍යම තැපැල් හුවමාරුවේදී පරික්ෂාකර බැලීමේදී එහි තිබි මත්පෙති 2034ක් සොයාගත් බව පොලිස් මන්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.

මෙම පාර්සලය රැගෙන යෑමට එහි නම
සඳහන් පුද්ගලයා වෙනුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුවට පැමිණි දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරියෙක්  පැවසීය.  මෙම පාර්සලය පිළිබඳව මධ්‍යම තැපැල් හුවමාරුවේ රාජකාරියේ නියුතු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ, රේගුවේ සහ තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ඇතිවූ සැකයක් මත එය විවෘත කර බැලීමේදී එහි තිබූ මත් පෙති තොගය හමුවී ඇත.

පාර්සලය රැගෙන යෑමට මධ්‍යම තැපැල් හුවමාරුවට පැමිණ සිටියදී අත්අඩංගුවට ගත් දෙදෙනාගෙන් ප්‍රශ්න කර මත්ද්‍රව්‍ය පාර්සලයේ නම් සඳහන් තැනැත්තා පිළිබද තොරතුරු හෙළිකර ගෙන ඔහු අත්අඩංගුවට  ගැනීමට පොලිස් මන්ද්‍රව්‍ය කාර්යාංශය  කටයුතු කරගෙන යයි.

විදේශවල සිට ගුවන් තැපෑලෙන් මධ්‍යම  තැපැල් හුවමාරුවට ලැබෙන සැකකටයුතු පාසල් පරීක්ෂා කිරීමට තැපැල් නිලධාරීන්ට  අමතරව රේගු සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීහු යොදවනු ලැබ සිටිති.


-ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-