ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක  මහතා සමග සිට එම පක්ෂයේ ක්‍රියාකාරි මුස්ලිම් තරුණයකු ලබාගත් ඡායාරූපයක් සමාජ මාධ්‍ය ජාලාවලට මුදාහැර එය  ශැන්ග්‍රිලා හෝටලයේ මරාගෙන
මැරුණු බෝම්බකරු
බවට සිදුකළ අසත්‍ය ප්‍රචාරයට එරෙහිව එම මුස්ලිම් ජාතික ජනතා  විමුක්ති පෙරමුණු ක්‍රියාකාරිකයා මූතූර් පොලිසියට පෙරේදා (28)
පැමිණිල්ලක් කළේය.

 මුතුර් පදිංචි එස්. වජීර් නමැති අය මෙම පැමිණිල්ල ඉදිරිපත් කරමින් පවසන්නේ ජනතා විමුක්ති පෙරමුණු නායකයා ත්‍රිකුණාමලයේ සමුළුවකට පැමිණි අවස්ථාවේ එකට සිට ගත් ඡායාරූපයක් උපයෝගී කරගෙන මෙම අසත්‍ය ප්‍රචාර පතුරුවා හැරීම තුළින් තමන් දැඩි අපහසුතාකට පත්වී සිටින බවයි.

 මුහුණුපොතේ කූඹියෝ නමින් අන්වර්ත නාමයකින් පෙනී සිටි. අයෙකු මෙම ඡායාරූපය අන්තර්ජාලයට මුදාහැර ඇත‍ෙයි පොලිසිය කියයි.

පැමිණිලිකරු එහි පිටපතක් ඉදිරිපත් කරමින් මෙම පැමිණිල්ල සිදුකර තිබේ. මූතූර් පොලිසිය සිද්ධිය සමිබන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පත්වාගෙන යයි.