ගෙදර ගෘහ මූලිකයා එහෙමත් නැත්තම් තාත්තා කියන්නේ හැමෝගෙම බර කරට අරන් පවුල නඩත්තු කරන කෙනා. ඔහුගේ රැකවරණය ආරක්ෂාව එක්ක තමයි ඔබ අපි හැමෝම වගේ ජීවිතය පටන් ගත්තේ.

හැබැයි ඔහු නැතිවුණු දවසට අපේ හැම දෙයක්ම බලන්න ඉන්නේ අපේ අම්මා . මේ කියන්න යන්නෙත් ඒ විදියට සැමියා නැති වුණාම තමන්ගේ හයියෙන් ජීවිතේ දිනපු බිරිඳක් අම්මා කෙනෙක් ගැන. Dialog Mega වාසනාව මෙම දිරිය අම්මාට ජීවිතය ජයගැනීමට විශාල අස්වැසිල්ලක් වුණා

නයිනමඩමේ ජීවත් වුණු ඇන්ටනි පෙරේරා මහත්තයා මීට දශක දෙකකට පමණ පෙර සිය නිවස ඉදිකිරීම ඇරඹුවත් එහි මූලික කටයුතු අවසන් කිරීමට පවා ඔහුට හැකි වුනේ නැත්තේ  කොලෙස්ටරෝල් මාරයා ඔහුව මේ ලෝකෙන් ඈත් කරපු නිසා. මෙය ඔහුගේ වැන්දඹු බිරිඳ කුඩා දරුවන් දෙනෙකු සමඟ කබලෙන් ලිපට ඇදවැටීමක් හා සමාන වුනේ ඇන්තනී මහතා කරගෙන හිටපු රජයේ රැකියාවෙන් ඔහු කලින්ම විශ්‍රාම අරන් ලැබුණු මුදලින් ඔහු නිවසේ වැඩකටයුතු ආරම්භ කිරීම හේතුවෙන්.

”මීට අවුරුදු 15කට විතර උඩදි මගෙ මහත්තයා නැති වෙන කොට මේ දෙන්නා ගොඩක් පොඩියි. පුතා 6 වසරෙ. දුව 3 වසරෙ”

මේ දිරිය මව ඉන්පසු ගෙවී ගිය වසර ගණනාව තුළ දියණියගේ ආරක්ෂාව හා සොරසතුරු උවදුරු ගැන සිතා විවිධ ණය ලබාගනිමින් නිවසේ වැඩකටයුතු අවසන් කරන්නට උත්සාහ දැරීය. එමෙන්ම ඇය දරුවන්නට අධ්‍යාපනය ලබා දෙන්නට කටයුතු කළ අතර පෞද්ගලික උපකාරක පංති පැවැත්වීම මගින් සපයාගත් අතිරේක ආදායම හෝ විශ‍්‍රාම ගැනීමේ දී ලද පාරිතෝෂිකය හෝ නිවසේ වැඩ අවසන් කිරීම වෙනුවෙන් මුලුමනින් වියදම් කළ නොහැකි වූයේ දරු දෙදෙනාගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා ද විශාල මුදලක් වැය කළ යුතු වූ හෙයිනි.

ඇයගේ එම මහන්සිය අපතේ ගියේ නැත. මන්ද යත් ඇයගේ පුතා දැන් ඉංජිනේරුවෙකි. දියණිය කොළඹ සරසවියේ විද්‍යා පීඨයේ අවසන් වසරේ සිසුවියකි.

”ගුරුවරියක් විදියට මට ලැබුණු වැටුපෙන් තමයි හැම දෙයක්ම පිරිමහගෙන කරගන්න වුණේ. හුඟක් නෑදෑයො අහක බලාගත්තත් දරුවො දෙන්නා බලා-හදාගන්න මගෙ අක්කගෙන් අප‍්‍රමාණ උපකාර ලැබුණා. නැත්නම් හැමදේම තනියම කරගන්නෙ කොහොමද මම?”

මේ දුක් සෝ සුසුම් මැදින් ජීවිතය ගෙවාගෙන යද්දී ඇයට නොසිතූ වාසනාවක්  උදා වූයේ සියලු බලාපොරොත්තුවලට නව ජීවයක් දෙමිනි. ඇයගේ දුරකථනයට මෙම වාසනාව උදා වී තිබුණේ Dialog Mega වාසනාව හරහාය.

නමුත් මෙහි තවත් අපූරු කතාවක් ඇත්තේ දුරකථනය ඇයගේ වූවත් එහි අයිතිකරු වූයේ පුතා වූ බැවිනි. ඇත්තෙන්ම මෑතක දී Dialog Mega වාසනා දිනුම් ඇදීමෙන් රුපියල් දශ ලක්ෂයේ ත්‍යාගය හිමි වූ වාසනාවන්තයා ඔහුය. තමන්  Reload කර ලැබුනු අංක වලින් මෙගා වාසනා ලක්ෂ 10 ක වාසනාවන්තයෙක් වීමට අවස්ථාව ලැබුණි. තමාගෙ දිනුම් අංක,ඒ සතියේ ජයග‍්‍රාහී අංක සමග ගැලපී ඇති බව ීඵී එකකින් දැනගන්න ලැබුණා .

නමුත් සම්පත් පෙරේරා මහතා පවසන්නේ එය තමාට නොව මවට ලැබුණු ත්‍යාගයක් බවයි. සම්පත් සිය නමට Dialog දුරකථන සම්බන්ධතාවක් ලබාගත්තත් එය පාවිච්චි කරන්නේ ද, එම දුරකථන සම්බන්ධතාව රීලෝඩ් කරන්නේ ද ඔහුගේ මව විසිනි. නමුත් Dialog Mega වාසනා ජයග‍්‍රාහකයා ලෙස ලේඛනගත වී ඇත්තේ ජේ. කේ. සම්පත් පෙරේරා යන නමයි. රුපියල් දශ ලක්ෂයේ ජයග‍්‍රහණය ගැන සම්පත් මහතා වෙත දැනුම් දෙන්නට Dialog ආයතනයේ නිලධරයන් එම දුරකථනය අමතන විට ඊට උත්තර දුන්නේ ද මවයි.

ඔවුන් දැන් මේ මුදල යොදවනු ලබන්නේ සැමියාට නිම කිරීමට නොහැකි වූ නිවස සම්පූර්ණ කිරීමටය.

”මගේ මහත්තයා හරිම හොඳ කෙනෙක්. එයා ජීවත්ව ඉන්නැද්දි අසරණ අයට හරියට උදව් උපකාර කළා.”

”ගෙදර ඉතිරි වැඩ කටයුතු සම්පූර්ණ කරගන්න අපි යම් මුදලක් වෙන්කරලයි තිබුණේ. පුතාටත් රැකියාවක් ලැබුණු නිසා සෑහෙන මුදලක් එකතු කරගන්න අපට පුළුවන් වුණා, දැනට මාස කිහිපයකට ඉස්සර අපි වැඩ පටන්ගත්තා. ඒත් දන්නවනෙ අද ගොඩනැඟිලි ද්‍රව්‍යවලට, බාස් කුලීවලට යන වියදම් ගැන?

මුලින් නොහිතපු විදියට වහලය වෙනුවෙන් විතරක් විශාල මුදලක් වැය වුණා. සල්ලිත් ඉවරයි. කරගෙන ආපු වැඩෙත් අතරමඟ නැවතුණා. මේ වෙලාවේ රුපියල් දශ ලක්ෂයේ තෑග්ග නොලැබුණා නම් අපි ලොකු කරදරේක වැටෙන්න තිබුණා. Mega වාසනා තෑගි තරගය පැවැත්වීම ගැන Dialog සමාගමට අපි ඉතාම ස්තුතිවන්ත වෙනවා.”
Dialog  සමග එක්වී මං වගේම ඔබත් ලක්ෂපති වාසනාවන්තයෙක් වීමට අවස්ථාව ලබාගන්නා මෙන් මම ඉල්ලා සිටිනවා.

ඇය මේ ගැන කීවේ කඳුළු පිරි දෙනෙතින්ය. නමුත් ඇයගේ හා දරුවන්ගේ විශ්වාසය තමන්ගේ පියා කොතැනක හෝ සිට ඔවුන්ට පිහිටක් සරණක් වෙන්නට තවමත් කැපවෙනු ඇති බවය.