බද්දේගම ඉදිගස්කැටිය ඉසුරුපුර ප්‍රදේශයේ කුලී පදනම මත වූ නිවසක ජීවත්ව සිටි එංගලන්ත ජාතිකයෙකු නිවසේ මල් පෝච්චි වල වගා කර තිබූ ගංජා පැළ 13ක් සමඟ බද්දේගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඇල්පිටිය කොට්ඨාශ දූෂණ
මර්ධන ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත ඊයේ (05) සවස මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදී ගංජා පැළ සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සැකකරු ගංජා භාවිතය සඳහා දැඩි ලෙස ඇබ්බැහි වූවෙකු වන අතර සැකකරුගේ නිවස තුළ තිබී ගංජා සහ ගංජා සුරුට්ටු විශාල ප්‍රමාණයක් ද සොයාගෙන ඇති බව වාර්තාවේ.

සැකකාර විදේශිකයාගේ විදෙස් ගමන් බලපත්‍ර පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ මෙරට රැඳී සිටීමේ කාල සීමාවද අවලංගු වී ඇති බවයි.

බද්දේගම පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.