“මේ ප‍්‍රශ්නය ඉවර වෙනකම් රටේ වෙසක් පොසොන් කිසිම උත්සවයක් පවත්වන්න ඉඩ තියන්න එපා. පන්සල් 50 කට මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කිරීමේ සැළසුමක් පිළිබදව වාර්තා වෙලා තියෙනවා.
වැඩිදුරටත් තොරතුරු අවශ්‍ය නම් බන්ධනාගාරයට ඇවිත් මාව හමුවන්න”යැයි බොදු බල සේනා සංවිධානයේ මහා ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ හෝමාගම අධිකරණය ඉදිරිපිටදී අද (29) සඳහන් කළා.

අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණ පරිශ‍්‍රය තුළදී සාපරාධී බිය ගැන්වීම සහ බැන තර්ජනය කිරීම චෝදනාවන් යටතේ විභාග වූ නඩුවකදී සන්ධයා එක්නැලිගොඩ මහත්මියට රුපියල් පනස් දහසක වන්දි මුදලක් ගෙවන ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙත හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය මගින් කර තිබූ නියෝගයකට අනුව එම වන්දි මුදල ලබා දීම සදහා අද (29) දින නඩුව කැඳවා තිබුණා.

අදාළ වන්දි මුදල ගෙවීමෙන් පසු ගලගොඩඅත්තේ හිමියන් යළි බන්ධනාගාරය වෙත රැගෙන යන අතරතුරදී මෙලෙස උන් වහන්සේ මාධ්‍යට පළ කළහ.