උණ වෙඩිල්ලක් පුපුරා යාමෙන් පිලිස්සුම් තුවාල සහිතව අවුරුදු 14 ක් වයසැති පාසල් සිසුවෙකු පෙරේදා (10) සවස පොල්පිතිගම දිසා රෝහලට ඇතුළත් කර තිබේ. මෙලෙස රෝහල් ගතකර ඇත්තේ කුඹුක්ගැටේ,
බොරළුව ප්‍රදේශයේ

පදිංචි කුඹුක්ගැටේ පිද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු බව රෝහල් ආරංචි මාර්ග කියයි.

මිතුරන් සමග එක්ව අමු උණ ගයක් කපා ඉන් අඩි 3 ක පමණ කොටසක් වෙන්කර එයින් සකසා ගත් උණ බම්බුවකට භූමි තෙල් වත්කරමින් එය පත්තු කිරීමට උත්සහ දරන අස්ථාවේදී බම්බුව පුපුරා යාමෙන් විසිරී ගිය රත්වූ ගින්දර සහිත භූමිතෙල්වලට සිසුවාගේ මුහුණ, බෙල්ල සහ අත් පිලිස්සී තුවාල සිදුවීම නිසා වහාම පවුලේ උදවිය තුවාලකරු පෙරේදා (10) සවස 6.30 ට පමණ රෝහල් ගතකර ඇති බව රෝහල් සේවකයෙක් සඳහන් කළේය.

තුවාලලත් සිසුවාට කඩිනම් ප්‍රතිකාර ලබාදී ඒ මොහොතේම වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරුකර යැවූ බව එම සේවකයා වැඩිදුරටත් පැවසීය.

- සිසිර කැටගම-