ස්වර්ණවාහිනී නාලිකාවේ අද (19) උදැසන සිට සජීවි වැඩසටහන් විකාශය අත්හිටුවා ඇතැයි වාර්තාවේ.
පසුගියදා ඊඒපී එදිරිසිංහ පවුලට අයත් කොටස් විකුණා දැමීමෙන් පසු ස්වර්ණවාහිනියේ පාලනයේ වෙනසක්
සිදුවූ අතර මෙම වෙනස සමග ආයතන
කළමනාකාරිත්වය සේවකයින් පිරිසක් සේවයෙන් පහ කිරිම මුල් කරගනිමින් ආයතනයේ අනෙක් සේවකයින් වැඩසටහන් නිෂ්පදනයෙන් ඉවත් වි වර්ජනයක නිරතවන බව වාර්තාවේ. ලයිව් ඇට් සවන් (Live @ 7) ප්‍රවෘත්ති අංශයේ නිවේදක නිවේදිකාවන් පිරිසක්ද  වැඩසටහන් නිශ්පාදන අංශයේ සේවකයන් දෙදෙනෙකුද ඉවත්කර අභ්‍යන්තර අර්බුද රැසක් මෙම නාලිකාව තුළ මතුව ඇත.
මේ හේතුකොට උදෑසන විකාශයවූ සජීවී වැඩසටහන් ගණනාවක් නතරවී ඇත. පටිගත කරන ලද වැඩසටහන් විකාශය කරන අතර සජීවී ප්‍රවෘත්ති විකාශයට කුමක් වේදැයි තවම පැහැදිලි නැත.