දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමුදුව සිට මාතර දෙසට දිවෙන මාර්ගයේ අසල දමාගොස් තිබු ග්‍රෙනේඩ් වර්ගයේ
බෝම්බයක් හමු වී ඇති බව වාර්තා වේ.
පිරිසිදු කිරීමේ කම්කරුවෙකුට හමුවී ඔහු විසින් ඉමදුව පොලිසියට දැනුවත් කිරීමෙන් අනතුරුව අද සවස (19) පොලිස් භාරයට ගත් බව ඉමදුව පොලිසිය පැවසු බව වාර්තාකරු පවසයි.

අද සවස 3.30 පමණ කම්කරුවෙකු මාර්ගයේ පිරිසිදු කටයුතු වල දී සිටියදී ප්ලාස්ටික් කවරයක බහාලු පාර්සලයක් දැක විමසිලිමත්වීමේදී බෝම්බයක් බවට අඳුනාගෙන තිබේ.
පසුව ඔහු විසින් මේ පිළිබඳව ඉමදුව පොලිසිය දැනුවත් කිරීමට කටයුතු කර ඇත.
එම ස්ථානයට පැමිණි පොලිසිය බෝම්බය සිය භාරයට ගෙන තිබේ.