මහජන උපයෝගීතා කොමිසමේ අවසර නොමැතිව, විදුලිබල මණ්ඩලයට හිතුමතේ විදුලිය විසන්ධි කිරීමට නොහැකි බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. එසේම විදුලිය විසන්ධි කරන්නේ නම් ඒ පිළිබඳව
ජනතාව කලින් දැනුවත් කළයුතු බව ද මහජන උපයෝගීතා කොමිසම අවධාරණය කරයි.

පසුගිය දින කිහිපය තුළ හදිසි විදුලි බිඳවැටීම් සම්බන්ධයෙන් ජනතාවගෙන් පැමිණිලි රැසක් ලැබුණු බවයි එම ආයතනයේ ආයතනික සන්නිවේදන අධ්‍යක්ෂ ජෙනරාල් ජයනාත් හේරත් මහතා පවසන්නේ.

මේ පිළිබඳව මහජන උපයෝගීතා කොමිසම විසින් ලිපියක් මගින් ලංකා විදුලිබල මණ්ඩලය දැනුවත් කර තිබේ. මේ අතර පසුගිය දින කිහිපය තුළ සිදු වූ විදුලි බිඳවැටීම් සම්බන්ධයෙන් සහ ලබන අප්‍රේල් 02 වැනිදා දක්වා සිදු කිරීමට නියමිත විදුලි කප්පාදු සම්බන්ධයෙන්ද සවිස්තර වාර්තාවක් ඉ්ලලා තිබේ.

විදුලිබල ඇණහිටීම් අවම කිරීම සඳහා මණ්ඩලය විසින් ගෙනඇති පියවර මෙන්ම අනාගතයේදී අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීම සඳහා යෝජනා ද එම වාර්තාවට ඇතුළත් වියයුතු බවද ජයනාත් හේරත් මහතා පවසයි.