Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisements

Trending

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට ගෙන්වාගන්න

ඇතැම් ළදරු කිරිපිටි සඳහා කටුපොල්වල තෙල් කලවම් කරන බවට හෙළි වී තිබෙන බැවින් කුඩා දරුවන්ට කිරිපිටි ලබා නොදෙන ලෙස ළමා රෝග ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතා සදහන් කළේය.  දරුවාගේ පෝෂණය සම්බන්ධයන් සෞඛ්‍ය
අමාත්‍යංශය මගින් සෑම මවකටම පොතක් ලබාදී තිබෙන බවත්, එම පොත පවුල් සෞඛ්‍ය සේවා නිලධාරින් හරහා ලැබෙන බවත් හෙතෙම පවසා සිටියේය.

මවුකිරි ලබාදීමෙන් පසු එම පොතේ සඳහන් ආකාරයට දරුවන්ට ආහාර ලබාදිය යුතු බවත්, පොදුවේ කිරිපිටිවල ප්‍රමිතිය පිළිබඳ ගැටලුවක් හා කිරිපිටිවලට 

කටුපොල්වල තෙල් කලවම් කිරීම සිදුවන බවත් වෛද්‍යවරයා සඳහන් කළේය.

 ඊයේ (18දා) දින පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සදහන් කළ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය  සඳහන් කළේ,

 කටුපොල් පිළිකා  ඇති කරන බවට තහවුරු වී තිබෙන බවත්, කිරිපිටිවලට මෙම ද්‍රව්‍ය කලවම් කිරීම හරහා ඒවා දරුවන්ගේ ශරිරයට ඇතුළු වන බැවින් දෙමවුපියන් ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතු බවත්ය.

මෙරට දරුවන්ගෙන් සැලකිය යුතු  ප්‍රමාණයකට පිරිසුදු ජලය නිසි ලෙස නොලැබෙන බවත්, ජලය වෙනුවට වෙනත්  පානීය ද්‍රව්‍ය ලබා නොදී ජලය පමණක් දරුවන්ට ලබාදිය යුතු බවත් හෙතෙම පැවසීය.

කිරිපිටිවල ප්‍රමිතිය පිළිබඳ අඛණ්ඩව ගැටලුසහගත තත්වයන් ඇතිවී තිබෙන බැවින් ජනතාව දියර කිරි භාවිත කිරීම් සුදුසු බවත්, මීට අමතරව පලතුරු, එළවළු  හා දේශීය අල වර්ග සහ ධාන්‍ය වර්ග භාවිතා කිරීම තුළින් බෝනොවන රෝග ඇතිවීම
වළක්වාගත හැකි බවත් වෛද්‍යවරයා පවසා සිටියේය.

පොදුවේ සෑම කෙනෙකුටම කිරිපිටි වෙනුවට දේශීය සහලින් සකස් කරගත් කැඳ කෝප්පයක් භාවිත කළ හැකි බවද  පාදෙණිය මහතා සඳහන් කළේය.

-ඉන්දික හේවාවිතාරණ-











Gossip Lanka Previous News

තවත් පුවත්

gossip lanka, gossiplankanews.com, gossiplanka, gosiplanka, gossiplankanews, gossiplanka.lk, gossiplanka.com,hiru,hirugossip,neth,neth gossip, sinhala, hot, sri lanka, wedding, rumours,facebook,lankanews, dehiwala, moratuwa, colombo, rajagiriya, kandy, galle, kurunegala, nugegoda, negombo, matara, anuradhapura,kalutara, gampaha, jaffna

Gossip Lanka Side News

Gossip Lanka Videos

Advertisement

Latest Picture Collections

Gossip Lanka Stats

Like Us on Facebook

Follow Us on Youtube & Twitter