රාජ්‍ය සේවා එක්සත් හෙඳ සංගමය විසින් දිවයින පුරා  ක්‍රියාත්මක කළ විරෝධතාව මත අද (26) සහ හෙට (27) ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකිරිමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී ඇත.

සැමට හෙද උපාධිය ලබාදීම සහ හෙද සේවය දීපව්‍යාප්ත  ඉවත් කිරීම ඇතුළු ඉල්ලිම් රැසක් පිළිබඳව රජයට බල  කරමින් ඔවුහු විරෝධතාවයේ නිරත වෙති.

හෙද හෙදියන්ට පෞද්ගලික ආයතනවලට මුදල් ගෙවා  උපාධි ලබා ගැනීමට සිදුවී ඇති බවත් 2006/6
චක්‍රලේඛය මගින් හෙද හෙදියන්ගේ මාණ්ඩලික තත්වය නැතිවීම ඇතුළු අසාධාරණකම් විශාල ප්‍රමාණයක් සිදුවූ බවත් ඔහු වැඩිදුරටත් පවසයි. මීට අමතරව සියලුම හෙද විදුහල් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පවරා ගන්නා ලෙස තම සංගමය රජයෙන් ඉල්ලා ඇති බව ද මල්ලියාවඩු මහතා සඳහන් කරයි.

මෙම දින දෙකෙහි රෝහල්වල අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන බවත් පිළිකා හා ළමා වාට්ටු ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා නිල ඇඳුම් රහිතව සේවයේ යෙදෙන බවත් සඳහන් කරති.
එහිදී දෛනික සායන, බාහිර රෝගී අංශය හා සැත්තම් ඇතුළු රෝහල්වල සාමාන්‍ය කටයුතු සඳහා හෙද හෙදියන් සහභාගී නොවන බව ද මල්ලියාවඩු මහතා පැවසීය.

 -සිරංගිකා ලොකුකරවිට-