මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ලංකාවේ නිට්ටෑවන් හමුවුණ අවස්ථා ගැන විවිධ පුවත් වාර්තාවේ. මේ අතර එක් පුවතකින් කියැවුනේ ලංකාවේ නිට්ටෑවන් අතීතයේ සිටි බවත් උන් මරා දැමුවේ
වැදි පරම්පරාව විසින් බවත්ය. මෙයට පිළිතුරු සපයමින්  ආදිවාසි නායක වන්නිලඇත්තන් පවසන්නේ නිට්ටෑවන් එකතු කර ආදිවාසීන් විසින් මරා දැමුවැයි පවසන්නේ කතාවක් විතරක් බවත් එය වචනයට පමණක් සීමා වන්නක් බවත් එසේ පවසන්නන් එය ඔප්පු කරගන්නට සාක්ෂි නොමැති බවත්ය.


'අපේ අප්පිල ඇත්තන් මට කියලා තියනවා නිත්තෑවන් අපේ අප්පිල ඇත්තන්ගේ මුත්තිල ඇත්තන්ටයි කිරි අප්පිල ඇත්තන්ටයි කැලෑවෙදි හමුවෙලා තියෙනවා කියලා මේ නිත්තෑවෝ.
හැබැයි මටවත් මගේ අප්පිල ඇත්තන්ටත් මේ නිත්තෑවන් හමුවෙලා නම් නෑ. ඔය නිත්තෑවන් සම්බන්දව මේ දක්වාම අපේ රැහේ කොහෙදිවන්නම් ආරංචි වෙලා නෑ.
නමුත් එක එක ගම් වල රටවල ගමන් කරන අය පරික්ෂණ කරනකොට නිත්තෑවන් එකතු කරලා ගල් ගුහාවකට දාල ගිනි තියල මරල දැම්මා කියන  ඒ කතාව විශ්වාස කරන්න අමාරුයි. ඒ ඇත්තෝ මීයෝ වගේ නෙමේනේ එකතු කරල ගන්න අනික එහෙම කණ්ඩායමක් මේ රවේ හිටියනම් ඒ අය එක්කෙනෙක් දෙන්නෙක් නෙමයි පිරිසක් ඉන්න ඕන. ඒ අයගෙත් පරම්පරාවක් තියෙන්න ඕන. ඉතිං මේ ඔක්කොම  නිත්තෑවන් එකතු කරුවයි කියල විස්වාස කරන්න අමාරුයි.
මේ වකවානුවේදි නිත්තෑවන්

රතුගල අම්පාරෙදි මුණ ගැහුණ කැලෑවෙදි දැක්ක කියල කතාවක් තියෙනවා. ඒ කතාව ඇත්තනම් මම හිතනව ඒ නිත්තෑවන් කියන පරම්පරාවෙ තවත් ඈයෝ ඉතුරුවෙලා ඉන්න ඇතියි කියලා. ඒ ඇත්තන්ගෙන් කැකුළියෝ කැකුළා ඇතිවන්න ඇතැයි කියා තමන් සිතන බව ද ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් ප්‍රකාශ කළේය.

 මේ නිත්තෑවන් මට ඇස් දෙකට දකින්නට බැරි උන හින්ද මේක ඇත්තමයි කියල තමන්ට විස්වාස කරන්නට නොහැකි බවද කිසියම් දිනකදි නිත්තෑවන් තමන්ගේ ඇස් දෙකට දකින්නට හැකි වුවහොත් මෙන්න නිත්තෑවන් කියා ලෝකෙටම ප්‍රකාශ කරන බව ද ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් පැවසීය.

නිත්තෑවන් සිටින බව තමන් විශ්වාස කළත් මේ වකවානුවේදී සිටින බව තමන් ඇස් දෙකෙන් දකින තුරු  විශ්වාස නොකරන බව ද ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ පැවැසීය.  නිත්තෑවන් විනාශ කිරීම සම්බන්ධව නිත්තෑවන් තමන්ගේ පරම්පරාවේ අයගේ මස් ආහාරයට ගත් නිසා

නිත්තෑවන් ගල් ගුහාවකට දමා විනාශ කළා කියා කිසිම දවසක තමන්ගේ පියා විසින් තමන්ට මේ නිත්තෑවන්, කරදර කළා තමන්ගෙ අය මරාගෙන කෑවා ඒ හන්ද මේ නිත්තෑවන් මරල දැම්මෙ කියලා අපේ අප්පල ඇත්තන් කතා දමන්න ඕන. නමුත් ඒ බවක් කිසිම දිනෙක තමන්ට අප්පිල ඇත්තන් පවසා ඇති බවත් ඒ නිසා

නිත්තෑවන් කිසිම දිනක ආදිවාසීන්ට කරදර කළ බවක් තමන් විශ්වාස නොකරන බවත් ගම්වල රටවල්වල ගමන් කර පරික්ෂණ පවත්වන අය කියනා දේ තමන් විශ්වාස නොකරන බව ද ශ්‍රී ලංකාවේ වැදි නායක විශ්ව කීර්ති වනපති ඌරුවරිගේ වන්නිල ඇත්තෝ පැවැසීය.
මේ නිත්තෑවන් කියන කතාව ලෝකෙම ප්‍රසිද්ධ කතාවක් ලෝකෙම අය පරික්ෂණ කරල තියෙනවා. හැම ලොක්කෙක්මමේ ගැන පරීක්ෂණ කරල තියෙනවා.

නමුත් නිත්තෑවන් කොයි වගේද ඒ අයගෙ සලකුණු මොනවත් තියෙනවද කියල ඒ අයට මේ ගැන ඔප්පු කරගන්න සහතික කිසිවක් ඒ අයට හමුවෙලා නෑ. ඒ වගේ නිත්තෑවන් එකතු කරල ආදිවාසීන් විසින් මරා දැමිමට කියල කියන කතාවෙන් විතරයි ඒ කතාවන් වචනයට පමණක් බවත් කිසිවක් ඔප්පු කරගන්නට නොහැකි වූ බව ද ශ්‍රී ලංකාවේ වැදි නායක විශ්ව කීර්ති වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තෝ පැවසීය.

තොරතුරු-චමිල් රූපසිංහ