පෙරේදා (17) ජපානයේ පවත්වන්නට යෙදුණ ඔසාකා ආසියානු ජාත්‍යන්තර සිනමා උළෙලේ හොඳම නිලිය
ලෙස සම්මානයෙන් පිදුම් ලැබීමට

ලංකාවෙන් ඉදිරිපත් කළ අශෝක හඳගමගේ ගේ 'අසන්ධිමිත්තා' චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ලෙස රඟපෑ නිල්මිිණි සිගේරා සමත් විය.
කාලයක් රූපවාහිනී නිවේදිකාවක ලෙස ප්‍රකට වූ නිල්මිණි සිනමාවට සම්බන්ධවූයේ මෙ චිත්‍රපටයෙන් වීම විශේෂත්වයකි.
මිනීමැරුම් සිද්ධියක් හා සම්බන්ධව කියැවෙන මෙම චිත්‍රපටයේ ඇය රාත්තල් 300 බර කාන්තාවකගේ සුවිශේෂ චරිතයකට පණ පොවන්නීය.