ඒකාංගික ටෙලිනාට්‍යයක රූගතකිරීමක් අතරතුර ප්‍රවිණ නළු මහේන්ද්‍ර පෙරේරා තුවාල ලබා ඇතැයි
වාර්තාවේ.
නාට්‍යයේ ජවනිකාවක රඟද්දී ගොන් බැඳි කරත්තයක ගවයෙකු කළ පහරදීමක් නිසා ඔහුගේ පාදයේ දණහිසට පහළ කොටස තුවාල ලබා ඇති අතර ඔහු  ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබේ.
කෙසේ වෙතත් පසුගිය සතියේ සිදුවූ මෙම ඇබැද්දියෙන් පසු ඔහු මේ වනවිට විවේක සුවයෙන් නිවසේ පසුවේ.