මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයා මෙරටට ගෙන්වාගැනීමට ඇති එකම ක්‍රමය මෙරට හා එක්සත් ආරාබී එමීර් රාජ්‍යය සමග පවතින තානාපති සම්බන්ධකම් මත සිදුකරන විශේෂ ඉල්ලීමකින් බවත්, ඔවුන් ගෙන්වා
ගැනීම ඉතා අසීරු කාර්යයක් බවත් බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි තාක්ෂණික විශ්වවිද්‍යාලයේ නීති පීඨාධිපති මහාචාර්ය ප්‍රතිභා මහනාමහේවා මහතා පැවසීය.

 එහිදී වැඩිදුරචත් අදහස් දැක්වූ මහාචාර්යවරයා,

"දැනට ඩුබායිවල පුරවැසියෝ ලංකාවට මත්ද්‍රව්‍ය ගෙනැල්ලා වැලිකඩ බන්ධනාගාරයේ ඉන්නවා. අදටත් නඩු අහලා ලංකාවේ අධිකරණයෙන් දඩුවම් දීලා තියනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පොදුරාජ්‍ය මණ්ඩලයේ රටක් නොවන නිසා ඩුබායි රටෙන් මධූෂ්ව එවන්නේ නැහැ. එවුවොත් ඒ රටේ මිනිස්සු කෑගහන්න පුළුවන් අපේ රටේ තමයි මත්ද්‍රව්‍ය වරද කරලා තියෙන්නේ.
දඬුවම් දීමේ බලය තියෙන්නේ අපිට කියලා. ඒ නිසා විශේෂ සාකච්ඡා කළාට අමාරුයි. මධුෂ් ගන්න පුළුවන් මාර්තු එන ජිනීවා මානව හිමිකම් රැස්වීමේදී. අන්න එතැනදී අපිට පුලුවන්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකා නියෝඡිතයා ලවා ඉල්ලීමක් කරන්න ඕන.

ඒක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 2014 මම ඉන්නකොට අපිට ජන්දය දුන් අයෙක් තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යය.

ලංකාව එක්ක සම්න්ධතා පාවිච්චි කරලා මාකදුරේ මධුෂ්ට දැඩි ආරක්ෂාවක් දෙන බවට සහතික වෙන්නත් ඕන. මොකද සැකකරු අත්අඩංගුවට ගත්තේ ඩුබායිවලදී නිසා.

එම සිද්ධියට හොඳම උදාහරණයක් යුක්රේන මිසයිල ගනුදෙනුවට අහුවෙච්චඋදයංග වීරතුංග එයාව අත්අඩංගුවට ගත්, පසුගිය ජුලි මාසයේ ඩුබායිවල සැඟවිලා ඉද්දී. එයාට ලංකාවේ ගොඩාක් නඩු තියෙනවා. ලංකාව ඉල්ලුවා උදයංගව දෙන්න කියලා. එයාට රතු නිවේදන පවා නිකුත් කරා.
ජ්‍යාත්තන්තර නීතිය යටතේ වත් දුන්නේ නැහැ. උදර්පන ගිවිසුම යටතේ ලංකාවට  පිටුවහල් කළේ නැහැ. ඒ නිසා ලොකු සැකයක් තියනවා මාකඳුරේ මධුෂ්ලා දැන දැනම තමයි ඒ රටවල් සොයාගත් හැංගිලා ඉන්න.

රටවල් ගොඩක් තියනවා, එකක් ඩුබායි. අනික මෙක්සිකෝව සහ සිංගප්පූරුව. ඕන අපරාධයක් කරලා පැනලා ඉද්දී ඒ රටින් අත්අඩංගුවට ගත්තොත් බොහොම අමාරුයි පිටුවහල් කරගන්න.

ලංකාව මේ වනතෙක් ඩුබායි රජයත් සමග උදර්පන ගිවිසුමක් අත්සන් කරලා නැහැ. අත්සන් කරලා තිබුණත් අමාරුයි. ඒ පුද්ගලයාගේ මානව හිමිකම් මේ රටේදි කඩවුවහොත් එයාලට වගකියන්න සිද්ධවෙන නිසා"

යැයි පවසා සිටියේය.