රජයේ සේවකයින්ට අභ්‍යන්තර ගුවන් ගමන් පහසුකම් සැලසීමට පියවර ගන්නා බව  ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා  ඊයේ (7) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ 
විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳව දෙවැනි වර කියැවීමේ  අයවැය විවාදයේදීය.

අමාත්‍යවරයා එහිදී මෙසේද පැවසීය.

   ‘‘සියලු රජයේ සේවකයින්ට  අභ්‍යන්තර ගුවන් ගමන් පහසුකම් දෙනවා.මේ අනුව රජයේ සේවකයින්ට ගුවන් මගින් යාපනය,මඩකලපුව,ත්‍රීකුණාමලය,සීගිරිය, රත්නපුර යනාදී ප්‍රදේශවල සංචාරය කිරීමට අවස්ථාව සැලසෙනවා.‘‘

(සුජිත් හේවාජුලිගේ )