පුරප්පාඩුව පවතින අලුගෝසු තනතුරු දෙක සඳහා බදවා ගැනෙන දෙදෙනාට පුද්ගලයකු එල්ලා මැරීම පිළිබඳව විශේෂ පුහුණුවක් පිටරටකදී ලබාදීමට අධිකරණ හා බන්ධනාගාර  ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය
තීරණය කරමින් සදහන් කරයි. 
මෙම 21 හා 22 යන දිනයන්හි  අලුගෝසු නනතුරේ සම්මුඛ පරික්‍ෂණ බන්ධනාගාර මූලස්ථානයේදී පැවැත්වෙන  බව අමාත්‍යශයේ අතිරේක ලේකම් බන්දුල ජයසිංහ මහතා පැවසීය.

මෙම තනතුරු දෙක සඳහා මේ වනවිට ඉල්ලුම්පන් 102ක් ලැබී ඇති අතර එයින් 79ක් සම්මුඛ පරික්ෂණ සඳහා තෝරාගෙන ඇතැයි ඒ මහතා කීය. එල්ලුම්ගහේ රාජකාරි පිළිබඳ සති දෙකක පෙර පුහුණුවක් මරණ දඩුවම දැනට ක්‍රියාත්මක වන මැලේසියාව, පිලිපීනය හා පාකිස්ථානය යන රටක දී ලබාදීමට නියමිත බවද හෙතෙම සඳහන් කළේය.

කොළඹ රාජ්‍ය සේවක බඳවා ගැනීම පටිපාටියට අනුව අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විෂයයන් 6 ක් හා සම්මාන දෙකක් සහිත අවුරුදු 45ට අඩු ශ්‍රීලාංකික  පුරවැසියන්ට මම සඳහා ඉල්ලුම් කළ හැකි බව දන්වා තිබුණි.

-ජයන්ත සමරකෝන්-