බහුදින ධීවර යාත්‍රාවකින් හෙරොයින් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටි ඉරාන ජාතිකයන් 9 දෙනෙකු හෙරොයින් මත්කුඩු කිලෝ 100කට අධික ප්‍රමාණයක් සමඟ අද (24) දකුණු මුහුදු තීරයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.

කිලෝග්‍රෑම් 600ක හෙරොයින් තොගයක්
මෙම යාත්‍රාවේ තිබූ බවත් හසුවන බව දැනගත් පසු හෙරොයින් කිලෝග්‍රෑම් 500ක් පමණ මුහුදට හෙළා ඇති බවත් වාර්තාවේ.
මේ අතර මෙම නෞකාව ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මාකඳුරේ මධුෂ් ලංකාවේ කුඩු බෙදාහැරීම සඳහා සම්බන්ධ කරගෙන සිටින සැපයුම්කරුවෙකුට අයත් එකක් ලෙස හඳුනාගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකායට ලද බුද්ධි තොරතුරක් මත පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සහ නාවික හමුදාවේ සහයෝගය මත මෙම මෙහෙයුම දියත් කළ බවත්, මෙම හෙරොයින් තොගය රැගත් නෞකාව ඇෆ්ගනිස්තානයේ සිට පාකිස්ථානය හරහා මෙරට මුහුදු සීමාවට පැමිණ ඇති බවත් පොලිසිය දන්වා ඇත.
 නෞකාවේ තිබු හෙරොයින් කිලෝග්‍රෑම් 100 වටිනාකම රුපියල් බිලියනයකට අධික බව ගණනය කර ඇත. මේ වන විට නාවික හමුදාවේ ආරක්ෂාව සහිතව මෙම නැව මේ වන විට කොළඹ වරායට රැගෙන එමින් තිබෙයි.