මොනරාගල ප්‍රදේශයේ කනිටු  විද්‍යාලයක 10 ශ්‍රේණියේ ඉගෙනුම  ලබන දැරියක් රැගෙන ගොස් දුෂණයට  ලක්කළ ඊට ආසන්න තවත් පාසලක 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සම වයසේ පාසල් සිසුවකු පෙරේදා (10දා) අත්අඩංගුවට ගත් බව මොනරාගල  පොලිසිය පවසයි. දැරියගේ මව පොලිසියට කළ පැමිණිල්ලක් විමර්ශනය
කිරීමෙන් පසු මෙම සැකකාර සිසුවා අත්අඩංගුවට  ගෙන තිබේ. එම සිසුවා මෙම වින්දිත දැරියගේ පෙම්වතා බව අනාවරණය වී තිබේ. වින්දිත දැරීගේ පියා සහ මව වෙන් වී වෙනත් විවාහ කරගෙන වෙනම ජිවත්වන බවත් මෙම දැරිය ඇගේ මිත්තණියගේ රැකවරණය යටතේ ජීවත් වී ඇති බවත් පොලිසිය පවසයි.


ප්‍රදේශයේ කනිටු විදතලයක 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මේ දැරිය මීට මාස 06කට පමණ ඉහතදී ප්‍රදේශයේම වෙනත් පාසලක 10 ශ්‍රේණියේ ඉගෙනුම් ලබන පාසල් සිසුවකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනගාගෙන තිබෙන අතර ඉකුත් ජනවාරි මස 19 වැනි දින ටියුෂන් පන්තියකට යන බව මිත්තණියට පවසා මෙම දැරිය සැකකාර පාසල් සිසුවා සමඟ ගොස් ඇති බවත් එහිදී සැකකරු කුඹුක්කන - වෙල්ලඩිකඩේ ප්‍රදේශයේදී ඇය බරපතළ ලිංගික අපයෝජනයකට ලක්කර තිබෙන බවත් මේ පිළිබඳව විමර්ශන කටයුතු කරන මොනරාගල පොලිසියේ ප්‍රකාශකයකු කළ විමසීමකදී කීය.

පසුව මෙම සැකකාර පාසල් සිසුවා පෙරේදා (10දා) මෙම දැරිය සමඟ නැවත පැන ගොස් ප්‍රදේශයේ උක් වගාව කරන බිමක රාත්‍රී 7.30 තෙක් සැගව සිට ඇත. එහිදී මෙම සැකකරු දැරිය දූෂණයට ලක්කර තිබෙන බවත් දැරිය පොලිසියට ලබාදුන් ප්‍රකාශයේ සඳහන් වන බව පොලිසිය පවසයි.  පසුව සැකකරු රාත්‍රියේ මෙම දැරියද රැගෙන ඔහුගේ සහෝදරීයකගේ නිවෙසට ගොස් ඇති අතර එහිදී දැරිය ඇයගේ මවට දුරකථනයෙන් ඇමතුමක් ලබා දීමෙන් පසුව මව එහි ගොස් දැරිය සමඟ පොලිසියට පැමිණ මේ පිළිබදව පැමිණිලි කර තිබේ.

වින්දිත දැරිය වෛද්‍ය පරීක්ෂාවක් සඳහා රෝහල් ගත කර ඇත. සැකකාර පාසල් සිසුවා ඊයේ (11දා) මොනරාගල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවිමට නියමිතය.

-සංජීව බණ්ඩාර-