මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිස අධිකරණයට ඉදිරිපත් කරන දිනයක් ගැන තවම පැවසිය නොහැකි බව අමල් පෙරේරා හා නදීමාල් පෙරේරා වෙනුවෙන් පෙනී සිටීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින නීතිඥ
උදුල් ප්‍රේමරත්න මහතා පැවසීය.  ඒ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ උදුල් ප්‍රේමරත්න මහතා,

"සාදයේ සිට අත්අඩංගුවට ගත් පිරිස තවම පොලීසියේ රඳවාගෙන  ප්‍රශ්න කරනවා. උසාවියට ඉදිරිපත් කළේ නෑ. ඒ ගැන ලංකාවේ වැරදි වාර්තා පළවී තිබෙනවා. මම අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා නිදහස් කර ගැනීමට ඩුබායිවලට පැමිණියේය. ඔවුන් සමග කතා කිරීමට මට අවස්ථාව ලැබුණා. නමුත් උසාවියට ඉදිරිපත් කරන දිනයක් ගැන තවම කියන්න බැහැ, මට  ඩුබායිවල තිබෙන නීතිය ලංකාවේ නීතියට වඩා වෙනස්.

දැනට පොලීසිය අත්අඩංගුවට ගත් පිරීස සම්බන්ධව විමර්ශන කරගෙන යනවා. ලංකාවේ නම් පොලිස් විමර්ශනවලින් පස්සේ සැකකරුවන් උසාවියට ඉදිරිපත් කිරීම සාමාන්‍යයෙන් සිදු වෙනවා. නමුත් ඩුබායිවල ඊට වඩා වෙනස් දෙයක් සිදුවෙනවා. මට මෙහෙට ආවාම දැනගන්න ලැබුණු පසුගිය කාලයේදී ශ්‍රී ලංකික සැකකරුවෙකු අවුරුද්දයි මාස 09ක් පොලීසියේ තියාගෙන හිටියා කියලා.

මුදල් වංචා වැනි බරපතළ නොවන අපරාධවලදී ඩුබායි පොලීසිය විසින් අනිවාර්යයෙන්ම පැය 24ක් ඇතුළත විමර්ශන අවසන් කරලා උසාවි දාන්න ඕන. ඒ සඳහා පොලීසිය ඇතුළෙම උසාවියක් තිබෙනවා. එතනදී පොලීසිය විසින්ම නඩු අහනවා.

 මත්ද්‍රව්‍ය තබාගැනීම, මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ වැනි බරපතළ වැරදිවලදී පොලීසියට අවශ්‍ය කාලයක් උසාවියට ඉදිරිපත් නොකර සැකකරුවන් පොලීසිය තුළ රඳවාගෙන ඉන්න පුළුවන්. මම මුළින් පැවසූ පොලීසිය විසින් අවුරුද්දයි මාස 09ක් ප්‍රශ්න කළ සැකකරුවා උසාවියට ඉදිරිපත් කළ පසුව අවුරුදු 08ක සිරදඬුවමක් ලැබී තිබුණා. මෙවර සිද්ධියේදී ඩුබායි පොලීසිය තීරණය කරමින් ඉන්නවා උසාවි දාන්නේ, කවුද නොදාගන්නේ කවුද කියලා.

උසාවි නොදාන කට්ටිය නිදහස් වෙනචා. අපි බලන්නේ අමල් පෙරේරායි, නදීමාල් පෙරේරායි ගැන පොලීසියට අදාළ කරුණු ඉදිරිපත් කරලා උසාවි නොදා බේරගන්න. යම් හෙයකින් මත්ද්‍රව්‍ය චෝදනාවට මෙම පිරිසෙන් කවුරුන් හෝ ඩුබායි ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්  කළොත් අඩුම වශයෙන් අවුරුදු තුනක් සිරගත කරනවා. මෙතන සිටි. කිසිකෙනෙක්ගෙ ළඟ තිබිලා මන්ද්‍රව්‍ය අහුවෙලා නෑ. බීපු එක විතරයි. මම අද (11දා) පොලීසිය ඇතුළට ගිහින් කරුණු ඉදිරිපත් කිරීම සිදු  කරනවා" යැයි පැවසිය.