ලියාපදිංචි මූල්‍ය සමාගමක් වන ද ෆිනෑන්ස් සමාගම මේ වන විට දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති හෙයින් එහි ගනුදෙනු සීමාකර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. ඒ අනුව
නව තැන්පතු
භාරගැනීම අත්හිටුවන ලෙසත් කල්පිරෙන තැත්පතු ආපසු ගැනීම සීමා කරන ලෙසත් ණය ප්‍රදානය සිමාකරන ලෙයත් ද ෆිනෑන්ස් සමාගමට කොන්දේසි පනවා ඇතැයිද මහ බැංකුව කියයි.
මේ අතර තැන්පතුකරුවන්ට රුපියල් ලක්ෂ 6ක උපරීමයක් දක්වා තමන්ගේ මුදල් නැවත ලඛාගත හැකි බවද
 ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
 ද ෆිනෑන්ස් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ උත්සාහයක මහබැංකුව නිරතවන්නේ මෙම ගැටලු නිරාකරණය පිනිසය.
 0112477573. 0112477229, 0112477504 යන දුරකතන ඔස්සේ වැඩිදුර තොරතුරු තැන්පත්කරුවන්ට ලබාගත හැකිය.