මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර  හඟුරන්කෙත පාසල් දරුවන් වෙනුවෙන් දේශනයකට ආරාධිතව කොළඹ සිට මහනුවර බලා පැමිණෙමින් සිටියදී වරකාපොළ අවන්හලකදී ඇතිවූ සිද්ධියක් මාධ්‍ය වාර්තා කර තිබේ.

මහාචාර්යවරයා සමඟ බිරිය සීතා මහේන්ද්‍ර මහත්මිය සහ දේශන සහායිකා සුදර්ශනී මහත්මියත් වැඩසටහනේ සංවිධායකයා සහ රථයේ රියැදුරා උදෑසන ආහාරය ලබා ගැනීම පිණිස වරකාපොළ නගරය පසු කරත්ම ඇති ප්‍රසිද්ධ අවන්හලකට ගොඩවී ඇත.

මහාචාර්යවරයා බනිස් දෙකක්
ආහාරය පිණිස ලබාගත් විට ඒ සඳහා මිල වූ රුපියල් 120 සංවිධායකවරයා විසින් ගෙවා තිබිණි. කාන්තාවන් දෙදෙනා ආප්ප දෙක බැගින් ලුණුමිරිස් සමඟ ලබාගත් අතරතුර රියැදුරා සහ සංවිධායකයා සප්පයාම්ව ඇත්තේ බත්ය. මේ සඳහා වූ බිල රුපියල් 2,320ක්ව සංවිධායකවරයා විසින් ගෙවා තිබීම දැක මහාචාර්යවරයා මවිතව මේ පිළිබඳව සේවකයන්ගෙන් විමසා සිටියේය.

එහිදී එහි මුදල් භාරකරු මහාචාර්යවරයාගෙන් බුෆේ යන්න නොදන්නේදැයි විමසා ඇත. මොන බුෆේ වුවත් මෙය අසාධාරණ මුදලක් බවත් සාධාරණ මුදලක් අය කරන ලෙසත් වහාම එහි කළමනාකරු වෙත යොමු කරවන ලෙසත් මේ අයුරින් මහජනතාවගේ මුදල් කොල්ලකෑම මිනිස්කමට නිගාවක් බවත් බොදු සිරිත් අනුව මිනිස්කම මූලිකව මුදල් අය කරන ලෙසටත් පවසමින් සටන් කළේය. මහාචාර්යවරයා නිහඬ නොවන බව දැනගත් සේවකයා රුපියල් 1,200 මුදලක් ආපසු ගෙවීමෙන් පසු පිරිස අවන්හලෙන් පිටව යන විට මේ බව නොදැන ඇතුළුව සිටි පාරිභෝගිකයන්ගේ ප්‍රශංසාවටද භාජන විය.