මව ලස්සනයි නම් දරුවා පාසලට ඇතුළත් කර ගන්නා පොලොන්නරුව දිස්ත්‍රිකයේ විදුහල්පතිවරයකු 2018 වසරේ දරුවකු පාසලට ඇතුළත් කරගත් මවකගේ නිවෙසට රාත්‍රි කාලයේ ගොස් පෙම්සුව විඳිමින් සිටියදී
ප්‍රදේශවාසීන්ට හසුවීම නිසා විශාල අකරතැබ්බයකට මුහුණදීමට විය. අධ්‍යාපන නීතිය පසෙකට දමා රූමත් මවුවරුන්ගේ ළමයි පාසලට ඇතුළත් කරගෙන විදුහල්පතිවරයා අනියම් සම්බන්ධතා පවත්වාගෙන යමින් අයථා දේවල් රැසක් කරමින් සිටින අතරතුර විදුහලට කිලෝමීටර් 10, 12ක් දුර ඇති මෙම ප්‍රදේශයකට ගොස් 2018 වසරේ පාසලට
ඇතුළත් කරගත් මවක් සමඟ පෙම් සුව විදිමින් සිටියදී ප්‍රදේශවාසීන් දැක කෑ කෝ ගසද්දී හෙල්මට් එක අමතක කර යතුරුපැදියේ නැඟ පලාගොස් ඇත.

ප්‍රදේශවාසීන් ඔහු පසුපස පන්නා විදුහල්පතිවරයාට අමතක වු හෙල්මට් එක සහ විදුහල්පති පොලීසියට භාරදීමට උත්සාහ කිරීමේදී මවක් ඉදිරිපත් වී පොලිසියට භාර නොදී පිටත් කර හැරීමට කටයුතු කර ඇත. කාන්තාවන්ට වැඩි ලොල් බවක් දක්වන විදුහල්පතිවරයා පාසල තුළදී කාර්යාල කාමරයේ ගුරුවරියකගේ සිප වැලඳගැනීම් කරමින් සිටියදී අපේ ලොකු සර් ටිචගෙන් උම්මා ගන්නවා යැයි සිසුන් දැක උම්මා ගන්නා ලොකු සර් යන නාමයද පාසල තුළ පටබැඳී ඇත.

මෙම පුද්ගලයා ගුරුවරයකු ලෙස රාජකාරී කරන කාලය තුළදී දාහතර හැවිරිදි පාසල් දැරියක් අපයෝජනය කළත් එවකට සිටි අධ්‍යාපන බලධාරීන් දඩුවම් නොකර එම ක්‍රියාවට උපහාරයක් ලෙස විදුහල්පති ලෙස  උසස් කර මෙම විදුහලට පත් කර ඇති බව මවුපියෝ පවසති. පොළොන්නරු දිස්ත්‍රික් උසස්  අධ්‍යාපන නිලධාරියෙකුගෙන් විමසීමේදී මෙම විදුහල්පතිවරයාගේ නොමනා ක්‍රියා සම්බන්ධව පැමිණිලි රාශියක් ලැබී ඇති බවත් එම විදුහලට ගොස් සිද්ධිය පිළිබඳ පරීක්ෂා කර වාර්තාවක් කැඳවා ජනාධිපතිවරයාට, උතුරුමැද ආණ්ඩුකාරවරයාට, අධ්‍යාපන  ලේකම්තුමාට දැනුම් දී විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් පැවැසීය.

-ශාන්ත වෙලගෙදර