පන්නිපිටිය දෙපානම අරලිය උයනේ සිරස කාර්යාලය අසළ මාර්ගයේ වෙඩි තැබූ
මළ සිරුරක්
ඊයෙ (22) රාත්‍රී 11.45 ට පමන සොයාගෙන ඇති බව පොලිසිය පවසයි. මියගිය අය සතුව තිබූ හැඳුනුම්පත පරීක්සා කිරිමේදී වයස 35 ක් වූ මනෝජ් සුදර්ශන නමැති අයෙකු ලෙස හඳුනාගෙන තිබේ. ඔහු කොටහේනේ පදිංචිකරුවෙකු බවටද සටහන්ව ඇත. මාර්ගය අසළින් පතොරොම් කොපු 2 ක්ද පොලිසිය සොයාගෙන ඇත.
ඔහුගේ වෙඩි වැදුණ සිරුර කලුබෝවිල රෝහල වෙත රැගෙන ගොස් තිබෙන අතර වැඩිදුර පරීක්ෂණ සිදුවේ.