දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටි භික්ෂුන් වහන්සේ නමක් රෝහලේ භික්ෂු
වාට්ටුව තුළ පිහිටා ඇති
වැසිකිළිය තුළ මත්කුඩු පානය කරන බවට රෝහල් පොලීසියට ලද තොරතුරකට අනුව එම භික්ෂුන් වහන්සේ හෙරොයින් පැකට් එකක් සමඟ අත්අඩංගුවට ගත් බව කොහුවල පොලිසිය පැවැසීය. සැකකාර හිමිනම මතුගම, අගලවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු පනහක් (50) වන අයකු බවත් මීට වසර තුනකට ඉහත දී විවාහ වී බිරියගේ අභාවයෙන් පසු පැවිදි දිවියට ඇතුළත්ව ඇති බවත් පොලිසිය පරීක්‍ෂණවලින් සොයාගත් බවත් පැවැසීය.

තම බිරියගේ අභාවයෙන් පසු ශෝකයෙන් සිටි බැවින් මහණදමට පැමිණි පසු හොරණ ප්‍රදේශයේ භාවනා මධ්‍යස්ථානයක නැවතී සිට ඇති බවත් එම කාලය තුළ දී අධික වශයෙන් හෙරොයින් පානයට ඇබ්බහි වී ඇති බවත් විමර්ශනවලදී හෙළි වූ බව ද පොලිසිය පැවැසීය.

-නිඳුවර අබේසිංහ-