කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවේ පක්ෂ විපක්ෂ කිසිදු මන්ත්‍රීවරයකු මාකඳුරේ මධුෂ් සමග ඩුබායි පොලිස් අත්අඩංගුවට පත්ව නැතැයි වගකීමෙන් ප්‍රකාශ කරන බව එම ප්‍රාදේශීය සභාවේ උප සහාපති ආනන්ද වීරසිංහ මහතා පැවසීය.  මාකඳුරේ මධුෂ් සමග කඹුරුපිටිය ප්‍රාදේශීය සහාවේ
මන්ත්‍රීවරයකු සිටින බවට පළවන වාර්තා සම්පූණයෙන්ම අසත්‍ය බවද කඹුරුපිටිය ප්‍රාදේශිය සභා ශ්‍රවණාගාරයේ ඉකුත්දා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී උප සභාපතිවරයා කිය.

කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මේ වන විට සිංගප්පුරුවේ ප්‍රතිකාර ලබමින් සිටින බව අනෙක් මන්ත්‍රීවරුන් සියලු දෙනා
ලංකාවේ සිටින බවද එහිදි ආනන්ද වීරසිංහ මහතා පැවසිය.

සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින සහාපති සංජීව ප්‍රියනාත් මහතා එම අවස්ථාවේ දුරකතනය ඔස්සේ මාධ්‍යවේදීන් ඇමතු අතර එහිදී ඔහු කීවේ තමන් රෝගී තත්වයක් නිසා සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබමින් සිටින බවය.

 තමා හැර අනෙක් මන්ත්‍රීවරුන් 16 දෙනාම ලංකාවේ සිටින බවද සභාපතිවරයා දුරකතනය ඔස්සේ ප්‍රකාශ කළේය.

මේ අතර කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවේ සහාපතිවරයාද ඇතුළුව මන්ත්‍රී සංඛ්‍යාව 13ක් බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 10 | දෙනා එජාප මන්ත්‍රීවරුන් 4 දෙනා ජනතා විමුක්ති  පෙරමුණේ මන්ත්‍රීවරයා සහ ස්වාධීන මන්ත්‍රීවරයාද මේ වනවිට ලංකාවේ සිටින බවද  උපසභාපතිවරයා කීය.එහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න හා ඒවාට උපසභාපතිවරයා ලබාදුන් පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය-මෙම පිරිසේ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු සිටිය නොහැකිද?

උප සභාපති ආනන්ද වීරසිංහ මහතා- ප්‍රාදේශිය සභාව පිහිටවූ දවසේ සිට විශාල පිරිසක් මේ සභාව නියෝජනය කර තියනවා. ඔවුන් මොනවා කරනවාද කොහේ සිටිනවාද කියා පැහැදිලිව කියන්න නොහැකිවී තිබෙන්නේ ඒ සියළු දෙනා පිළිබඳව තොරතුරු මේ වෙලාවේ නැති නිසයි.

 ප්‍රාදේශිය සභා මන්ත්‍රී ප්‍රේමවංශ වර්ණකුල මහතා,

මේ වෙලාවේ ආණ්ඩුවේ සමහර  ඇමතිවරුන්ගේ කාර්ය මණ්ඩල සාමාජිකයන් පිළිබඳව මේ සිදුවීමට සම්බන්ධව කතා කරනවා එම අවධානය වෙනත් අතකට යොමු කිරිම සදහා මෙවැනි කතා නිර්මාණය කරනවාද කියා සැකයක් මතුවෙනවා.


 - ප්‍රීති ජයවර්ධන සහ දසුන් දහනායක-