තරගයක් දිනූ විට තමන්ගේ සතුට හෝ ආවේගය පිට කිරීම සාමාන්‍ය තත්වයක් බවත් ක්‍රීඩකයින් කළ කතාබහ සිදුවූයේ මහපාරේ නොව ක්‍රීඩක විවේකාගාරයේදී තුළ නිසා මෙවැනි දේ බරපතල ලෙස සලකා අහිංසක
ක්‍රීඩකයන් ලැබූ ජයග්‍රහණය

බාල්දු නොකරන ලෙස ඉල්ලා සිටින බවත් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවසීය. ක්‍රීඩා  අමාත්‍යංශ මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක් මගින් මේ බව දක්වා තිබිණි. දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවරදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඓතිහාසික ක්‍රිකට් ජයක් හිමිකරගත් අතර ඉන් අනතුරුව ක්‍රීඩාගාරයේ සතුට සමරන අවස්ථාවේ කළ කතාබහක් විඩියෝ ගතකර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරය කර තිබුණේය.

එම සිද්ධිය ආන්දෝලනාත්මක සිදුවීමක් වශයෙන් වාර්තා කිරීමට ඇතැම් මාධ්‍ය ඉදිරියට පැමිණ තිබිණි. මේ පිළිබදව අදහස් දක්වමින් ක්‍රීඩා ඇමැතිවරයා මෙසේද කීය. 'ඕවා කියකිය මම උඩ බලාගෙන කෙල ගහන්නේ නෑ. මම ක්‍රීඩාවට ආදරේ මිනිහෙක් . මේක මහා ලොකු ප්‍රශ්නයක් කරලා ක්‍රීඩකයා දිනපු ගැම්ම පහළට දානවානම් ඒක අපරාදයක්. ඒ අවස්ථාවේ ක්‍රීඩක  විවේකාගාරයේ සිටි සුදු මහත්තයෙක් මේක විඩියෝ කළා. එයා තව  කෙනෙක්ට මේ වීඩියෝව දුන්නා. ඒ මිනිහා මීඩියා වලට යැව්වා.

සමහරු අහනවා ක්‍රීඩකයින්ගෙන් උඹල ගැහුවේ රට වෙනුවෙන්ද කෝච් වෙනුවෙන්ද කියලා. කෝචුත් ලංකාවේ මිනිහෙක් කියල ඒ අයට අමතකයි. කෝච් වෙනුවෙන් සෙල්ලම් කළාම මොකද? පැරදිලා පැරදිලා දිනනකොට අපිත් කියනවා අපි සෙල්ලම් කළේ කෝව් වෙනුවෙන් කියලා ඒක වරදක් නොවෙයි. මෙම මාධ්‍යයෙන් වැදලා ඉල්ලනවා මේ අහිංසක ක්‍රීඩකයෝ ගත්ත ජයග්‍රහණය පහතට දාන්න එපා කියලා'