මින් ඉදිරියට බස් රථ තුළ ප්‍රචාරය කල හැකි වනුයේ ජාතික ගමනාගමන කොමිසමේ අනුමැතිය හිමිවන

විඩියෝ පට සහ ගීත පමණක් බව
ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ. දිගින් දිගටම මගීන් ගෙන් එල්ලවන චෝදනා සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇත.
එසේම බස් රථ රියදුරන් වෙනුවෙන් ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර
තිබේ. රථවාහන වැරදි ආදී ක්‍රියා අවම කරගැනීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව එම කොමිසමේ සභාපති ජනක මල්ලිමාරච්චි මහතා සඳහන් කළේය.
මීට අමතරව බහුලව වැරදි සිදුකරන රියදුරන් හඳුනාගනිමින් ඔවුන්ට ගමනාගමන කොමිසමෙන් ලබාදෙන බලපත්‍රය නැවත අලුත් නොකිරීමට ද එහිදී පියවර ගන්නා බව සභාපතිවරයා පවසා සිටියේය.