අවම සාමාන්‍ය ශේෂය රුපියල් 1000ට වඩා අඩු ඉතිරි කිරීමේ ගිණුම්වලින් රුපියල් 25ක මාසික ගාස්තුවක් අඩුකර ගැනීමට වාණිජ බැංකු කටයුතු කරමින් තිබේ.


ඒ අනුව රුපියල් 1000ට වඩා අඩු
ඉතිරිකිරීමේ ගිණුම්වලින් මාසයෙන් මාසයට රුපියල් 25ක බැගින් අඩුකර අවසානයේ ගිණුම අහෝසි කෙරෙන බවද වාණිජ බැංකු කියයි.

සාමාන්‍ය අවම ශේෂය රුපියල් 1000 හෝ ඊට වඩා අඩු ඉතිරිකිරීමේ ගිණුම් පවත්වාගෙන යාම අපහසු හෙයින් මෙම පියවර ක්‍රියාත්මක කරන බවද වාණිජ බැංකු සඳහන් කරයි.

ඒ අනුව රුපියල් 1000ක සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමක් මාස 40න් අහෝසි වී යන අතර අතරමැදදී ඊට මුදල් බාරකළහොත් ගිණුම සාමාන්‍ය පරිදි ක්‍රියාත්මත කෙරෙන බවද වාණිජ බැංකු කියයි.


(රන්ජන් කස්තුරි)