ඉතාලියේ නාපෝලි නගරයේ සේවය කළ මහවැව කොස්වාඩියේ පදිංචි උමයංගි වීරසිරි 32 නැමති කාන්තාව ලාංකික කාන්තාව ඇය සේවය කරන නිවසේ අභිරහස් ලෙස මියගොස් සිටියදි ඉකුත් 31දා සොයාගෙන ඇති බව වාර්තා වේ.
මෙම කාන්තාව තම සැමියත් සමග නාපෝලි නගරයේ පොසිලිකෝ
ප්‍රදේශයේ නිවසක නැවති සේවය කළ අයෙක් බවත් තම සේවිකාව සේවය කිරිමට නොපැමිණීම නිසා ඇය සිටි කාමරය වෙත ගිය නිවෙස් හිමි ඉතාලි ජාතික කාන්තාව, ඇය එහි එල්ලි මියගොස් සිටි ආකාරය දැක එරට පොලිසියට දැනුම් දී තිබේ.

මළ සිරුර සොයාගත් දින අලුයම මෙම කාන්තාව නවාතැන් ගෙන සිටි ස්ථානයෙන් ඇගේ සැමියා පිට වි යන ආකාරය නිවෙස් හිමි කාන්තාව දැක ඇති අතර මේ වනවිට එම පුද්ගලයා අතුරුදන් වි ඇති බව වාර්තා වේ .

වසර 08ක පමණ කාලයක සිට මෙම කාන්තාව ඉතාලියේ නාපෝලි නගරයේ සේවය කරන බවත් ඉකුත් මැයි මාසයේ විවාහ වි අගෝස්තු මාසයේදි සැමියා සමග ඉතාලියට ආපසු ගිය බවත් මියගිය කාන්තාවගේ සහෝදරියක ප්‍රකාශ කර ඇත.

තම සහෝදරිය ඇගේ සැමියා සමග නාපෝලියේ එකම නිවසේ සේවය කළ බවත් තම සහෝදරියගේ මරණය සිදු වු දා සිට ඇගේ සැමියා අතුරුදන් වි ඇති බව මියගිය කාන්තාවගේ නැගණිය වැඩි දුරටත් පවසා සිටියි.

ඇගේ මරණය ඝාතනයක් බවට සැකකරන බව නාපෝලි නාගරික පොලිසිය පවසා සිටින බවත් වැඩිදුර පරික්ෂණ සිදු කරමින් සිටින බවට එරට පොලිසිය සඳහන් කරන බවත් මියගිය කාන්තාවගේ ඥාතීහු පවසති.