විදේශ රැකියා සඳහා කාන්තා සහභාගිත්වය 2017 වර්ෂයට සාපේක්ෂව 2018 වර්ෂයේ සියයට 31.7ක් දක්වා අඩු වී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි. ඒ අනුව 2017 වර්ෂයේ විදේශ රැකියා සදහා
කාන්තාවන් 68,319ක් විදේශගත වී ඇති අතර 2018 වර්ෂයේ එම ප්‍රමාණය 66,971 දක්වා අඩු වී තිබේ. 2017 වර්ෂයේදී සියයට 32ක්ව පැවැති විදේශගත කාන්තා ශ්‍රමිකයන් ප්‍රමාණය මෙසේ සියයට 0.3කින් අඩු වී තිබුණද, ගෘහ
සේවිකාවන් වශයෙන් විදේශ රැකියා සඳහා පිටත්ව ගිය කාත්තාවන්ගේ සංඛ්‍යාව සියයට 13කින් ඉහළ ගොස් තිබේ.


2018 වර්ෂය තුළදී ශ්‍රමිකයින් ලෙස විදේශගත වූ දෙලක්ෂ එකොළොස්දහස් පන්සියදෙක (2,11,502) අතරින් පිරිමි ශ්‍රමිකයින් ප්‍රමාණය එක්ලක්ෂ හතළිස්හතරදහස් පන්සිය තිස් එකක් (1,44,531) වන අතර එම සංඛ්‍යාව විදේශගත වූ මුළු ශ්‍රමිකයින් ප්‍රමාණයෙන් සියයට 68.3ක් වේ. ඒ අනුව 2017 වර්ෂයට සාපේක්ෂව 2018 වර්ෂයේදී පිරිමි ශ්‍රමිකයින් විදේශගතවීම සියයට 0.3කින් වැඩි වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 2018 වර්ෂයේදී කාන්තා ශ්‍රමිකයින් 68,319ක් විදේශගත වී ඇති අතර පිරිමි ශ්‍රමිකයින් 77,560 දෙනෙකු රැකියා සඳහා විදේශගත වී තිබේ.

-දිනුක මලින්ද හේරත්-