Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisements

Trending

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට ගෙන්වාගන්න

ඉගෙනුම ලබන පාසලට වඩා හොඳ පාසලක අධ්‍යාපනය ලැබීමට සලස්වන බව කියමින් බාලවයස්කාර පාසල් සිසුවියක නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණයකට අතවර කළ තරුණ ඡායාරූප ශිල්පියකු පදවිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. අපහරණයට ලක්වූ මැදවච්චිය
පොලිස් වසමේ නෙරියකුලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15යි මාස නවයක්වූ දැරිය පදවිය පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයට කළ පැමිණිල්ලකට අනුව පරීක්ෂණ කර සැකකාර 21 හැවිරිදි තරුණ ඡායාරූප ශිල්පියා අත්අඩංගුවට ගෙන තිබිණි. සැකකරු 18 කණුව පදවිය යන ලිපිනයේ පදිංචිකරුවෙකි.

පාසල් සිසුවිය මීට මාස කිහිපයකට ඉහතදී පදවියේ පදිංචි ඥාතියකුගේ විවාහ මංගල උත්සවයකට සහභාගි වූ අවස්ථාවේ සැකකරු එම මංගල උත්සවය ඡායාරූප ගත කිරීමට පැමිණ තිබෙන බවත් එහිදී දෙදෙනා දැන හඳුනාගෙන පෙම්වතුන් වී ඇති බවත් පරීක්ෂණ කරන පොලිසිය
අනාවරණය කර ගෙන තිබිණි. සැකකරු පාසල් සිසුවිය සමඟ පෙම් සබඳතාව වර්ධනය කර ගැනීමන් පසු ඇයට ආදර බස් දෙඩීම සඳහා ජංගම දුරකථන දෙකක් ලබාදී ඇති බවත් මේ අතරතුර කාලයේදී ඇගේ මව ආර්ථික අපහසුතා  නිසා විදේශ ගතවී ඇති බවත් පොලිසිය පැවසුවේය.

පාසල් දැරිය ඇගේ මිත්තණියගේ නිවෙසේ සිට පාසල් යමින් සිටියදී මීට වඩා පහසුකම් ඇති විද්‍යාලයක අධ්‍යාපනය ලබාදීමට තමන් මැදිහත්වන බව පවසමින් සැකකරු දැරීයව ඔහුගේ ඥාති නිවසකට රැගෙන ගොස් අතවර කර ඇත. පසුව කොළඹ ප්‍රදේශයේ නිවෙසකටත් රැගෙන ගොස් විටින් විට ඇයට අතවර කර තිබෙන බව පොලිසිය අනාවරණය කරගෙන තිබිණි. සැකකරුගේ මව හා පවුලේ උදවිය දැරියට විටින් විට අඩත්තේට්ටම් කර ඇය නිවෙසින් පන්නා දැමීම නිසා ඇයට වූ අතවරය පිළිබඳව පදවිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි ඉදිරිපත් කිරීමෙන් පසුව සැකකාර ඡායාරූප ශිල්පියාව අත්අඩංගුවට ගෙන තිබිණි.

පරීක්ෂණවලදී සැකකරු ඇයට අධ්‍යාපනය ලැබීමට පාසලක් සපයාදී නැති බවත් සැකකරුගේ අධික ආශාවන් ඇයගෙන් පිරිමසා ගෙන ඇති බවත් පොලිසිය අනාවරණය කර ගෙන තිබිණි. අත්අඩංගුවටගත් සැකකරු කැබිතිගොල්ලෑව දිසා මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

-මහේෂ් විජේසුරිය-





----------------
නවතම පුවත් සමග එසැණින් යාවෙන්න
- ගොසිප් ලංකා ෆේස් බුක්පිටුව - මෙතැනින්
- ගොසිප් ලංකා යූටියුබ් නාලිකාව - මෙතැනින්
- ගොසිප් ලංකා ට්විටර් පිටුව - මෙතැනින්







Gossip Lanka Previous News

තවත් පුවත්

gossip lanka, gossiplankanews.com, gossiplanka, gosiplanka, gossiplankanews, gossiplanka.lk, gossiplanka.com,hiru,hirugossip,neth,neth gossip, sinhala, hot, sri lanka, wedding, rumours,facebook,lankanews, dehiwala, moratuwa, colombo, rajagiriya, kandy, galle, kurunegala, nugegoda, negombo, matara, anuradhapura,kalutara, gampaha, jaffna

Gossip Lanka Side News

Advertisement

Latest Picture Collections

Gossip Lanka Stats

Like Us on Facebook

Follow Us on Youtube & Twitter