මෙරට නූතන ඉතිහාසය තුළ ඇති වූ වැදගත් ම සමාජ විප්ලවය නිදහස් අධ්‍යාපනය ඇතිකිරීමයි.
වරප්‍රසාදලාභී අතළොස්සක් වෙත සීමා වී පැවති අධ්‍යාපනය ලැබීමේ අයිතිය රට පුරා ඉදිකළ මධ්‍ය විද්‍යාල 54ක් ද කේන්ද්‍ර කරගනිමින් සමාන හා සාධාරණ අයිතිවාසිකමක් ලෙස භුක්ති විඳින්නට ඒ අනුව මෙරට සිසුදරුවන්ට ඉඩ අවකාශ සැලසුණා.

සෑම සිසු දරුවකුටම එලෙස නිදහස් වූ අධ්‍යාපනය තම නිවසට ළඟම පාසලින් ගුණාත්මක පහසුකම් යටතේ ලබාගැනීමට ඇති අයිතිය සහතික කිරීමට ළඟම පාසල හොඳම පාසල වැඩසටහන ආරම්භ කර තිබෙනවා.
ඒ පිළිබඳව  ඔබ නොදත් කරුණු කිහිපයක් මේ.

01 ළඟම පාසල හොඳම පාසල සංකල්පය
සියලු සිසු දරුවන්ට එක හා සමාන ගුණාත්මක අධ්‍යාපන පහසුකම් සහ අවස්ථා සාධාරණ ලෙස ලබා දීමේ  අරමුණින් මීට පෙර ක්‍රියාත්මක වැඩසටහන්වල අත්දැකීම් ද පදනම් කරගනිමින් හඳුනාගත් සංවර්ධන අවශ්‍යතා සහිත පාසල් නගාසිටුවීම  සඳහා ඇති කළ  'ළඟම පාසල හොඳම පාසල වැඩසටහන ' ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ රජයේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මග පෙන්වීමෙන් ආරම්භ කරනු ලැබූවකි .
මෙම වැඩසටහන   මගින් සෑම සිසු දරුවකුටම තම නිවසට ළඟම පාසලින් ගුණාත්මක අධ්‍යාපන පහසුකම් යටතේ අධ්‍යාපනය ලබාගැනීමට ඇති අයිතිය සහතික කිරීමට පියවර ගෙන තිබෙනවා.
මේ  යටතේ සංවර්ධනය සඳහා පාසල් තෝරා ගනු ලැබූවේ,  කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, සැලසුම් අධ්‍යක්ෂවරුන් හා වගකිවයුතු නිලධාරීන් ද කැඳවා ජාතික, පළාත් පාසල් භේද නොතකා සකස් කරන ලද නිර්ණායක පදනම් කරගෙනයි.

02ඉතිහාසයේ පාසල් ඉදිකිරීම වෙනුවෙන් ‘මෙතෙක් එකවර සිදුකළ’ විශාලත ම මූල්‍ය ආයෝජනය

සමාජයේ වරප්‍රසාද ලත් කුඩා පිරිසක් පමණක් සඳහා වැඩි අධ්‍යාපන අවස්ථා ලැබෙන ක්‍රමයක් වෙනුවට මෙරට සමස්ත සිසු දරු දැරියන්ට සාධාරණ හා සමාන වරප්‍රසාද මෙන්ම ගුණාත්මක අධ්‍යාපන අවස්ථා ලැබෙන ක්‍රමයක් ලබා දෙන ළඟම පාසල හොඳම පාසල වැඩසටහන සඳහා පාසල් ඉදිකිරීම වෙනුවෙන් ඉතිහාසයේ මෙතෙක් එකවර සිදුකළ විශාලත ම මූල්‍ය ආයෝජනය ලෙස රුපියල් මිලියන 65,000ක් ආයෝජනය කර තිබෙනවා.
03 ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති
සෑම දරුවෙකුට ම තමන් පදිංචි ස්ථානයේ සිට  ළඟම පාසල දරුවාට  ඇතුළත් විය හැකි හොඳම පාසල බවට පත්කිරීමේ දැවැන්ත වැඩසටහන පාසල් 9064ක ක්‍රියාත්මක කරන ව්‍යාපෘති ගණන 18,000ක් වනවා.
2016 වර්ෂයේ ආරම්භ කර 2020 දී අවසන් කිරීමට නියමිත මෙම ව්‍යාපෘතිය මගින් දිවයින පුරා පාසල් 9,064 ක් එකවර සංවර්ධනය කිරීමට කටයුතු යොදා ඇති අතර  අතර ජාතික පාසල් 282 ක් සහ පළාත් පාසල් 8,782 ක් මීට ඇතුළත් වනවා. මීට අමතරව සියලුම ගුරු විද්‍යාල, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල යටිතල පහසුකම් සංවර්ධන කටයුතු ද මේ යටතේ සිදු සිදු කරනු ලබනවා. මේ යටතේ ක්‍රියාත්මක කරන ව්‍යාපෘති ගණන 18,000ක් .

04 රට පුරා පාසල්වලට ප්‍රතිලාභ හිමිවන අයුරු
සමාජයේ වරප්‍රසාද ලත් කුඩා පිරිසක් පමණක් සඳහා වැඩි අධ්‍යාපන අවස්ථා ලැබෙන ක්‍රමයක් වෙනුවට මෙරට සමස්ත සිසු දරු දැරියන්ට සාධාරණ හා සමාන වරප්‍රසාද මෙන්ම ගුණාත්මක අධ්‍යාපන අවස්ථා ලැබෙන ක්‍රමයක් ලෙස සැළකෙන ළඟම පාසල හොඳම පාසල වැඩසටහන පළාත් සියල්ලම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වනවා.
මධ්‍යම පළාතේ පාසල් 1319ක් ,නැගෙනහිර පළාතේ පාසල් 1097ක් ,වයඹ පළාතේ පාසල් 1214ක් ,උතුරු මැද පළාතේ පාසල්  828ක්,බස්නාහිර පළාතේ පාසල් 1085ක් ,ඌව පළාතේ පාසල් 683ක් ,දකුණු පළාතේ පාසල් 897ක් ,සබරගමුව පළාතේ පාසල් 1049ක් සහ උතුරු පළාතේ පාසල් 892ක් මෙම වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබනවා.


05 ක්‍රියාත්මක ව්‍යාපෘති මගින් සැලසෙන අවශ්‍යතා
පන්ති කාමර ගොඩනැගිලි/ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන /ද්විතීක විද්‍යාගාර /සෞන්දර්යය ඒකක /තාක්ෂණ ගොඩනැගිලි/ දන්ත වෛද්‍ය මධ්‍යස්ථාන /ජංගම විද්‍යාගාර /පරිගණක ඒකක /ශ්‍රවණාගාර/ විශේෂ අධ්‍යාපන ඒකක/පුස්තකාල/පරිපාලන ඒකක/ නිල නිවාස/ආපනශාලා / සනීපාරක්ෂක පහසුකම් /ජල පහසුකම්/විදුලිබල පහසුකම්/වතු පාසල් සංවර්ධන කටයුතු /නේවාසිකාගාර/ගොඩනැගිලි අළුත්වැඩියා


06 විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් පිළිබඳව ද අවධානය
'ළඟම පාසල හොඳම පාසල’ වැඩසටහන මගින්  විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සඳහා ද සම්පත් සැපයීම සිදු වනවා.
විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් අතරින් ඇතැමකු  දුර බැහැරින් පැමිණ ගුරු නිවාසයේ නේවාසිකව සිට  පාසල ගැන අවබෝධයෙන් උනන්දුවෙන් තම සිසු දරුවන්ට අධ්‍යාපනය ලබා දී මේ කටයුතු මෙහෙය වනු ලබනවා.ඔවුන් වෙනුවෙන් විදුහල්පති නිල නිවාස සහ ගුරු නේවාසිකාර ඉදි කිරීම ද 'ළඟම පාසල හොඳම පාසල’ වැඩසටහන මගින් සිදු කෙරෙනවා.

07 පුස්තකාල යනු පාසලේ හදවතයි
ළඟම පාසල හොඳම පාසල වන්නේ නම් නිතර පත පොත කියවීමට හුරුවූ පාසල් සමාජයක් සැකසිය යුතුයි.
පොතක් කියවීමෙන් ලබන අත්දැකීම්, දැනුම සහ වින්දනයෙන් උගතුන් නැණවතුන් බිහි කිරීමට පාසල් පුස්තකාල අත්‍යවශ්‍ය සාධකයක් වනවා.ඒ අනුව පාසල් පුස්තකාල ලබා දීම ද 'ළඟම පාසල හොඳම පාසල' වැඩසටහන මගින් සිදු වනවා.පාසල් පරිශ්‍රයේ හොඳ පුස්තකාලයක් මගින් පොත් කියවීමට දිරි ගන්වන සුළු පරිසරයක්  නිර්මාණය කිරීම එහි අරමුණයි.
08 විදුලිය සහිත පාසල් 98% දක්වා ඉහළට

වත්මන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා 'ළඟම පාසල හොඳම පාසල ' වැඩසටහන ආරම්භ කිරීමට පෙර විදුලිය සහිත පාසල් ප්‍රමාණය  සංඛ්‍යාලේඛණවල  දැක්වුණේ 68% ක් ලෙසයි.   විදුලිය සහිත පාසල් ප්‍රමාණය  මේ වනවිට 98% ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

09 පාසල් සඳහා පිළිගත් එක් ප්‍රධාන සැලැස්මක් (master plan)

පාසල් සඳහා පිළිගත් එක් ප්‍රධාන සැලැස්මක් (master plan) අනුව සකස් කිරීමට 2015 වසරට පෙර කටයුතු කර නොතිබූ අතර ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ සියලු පාසල් සඳහා පිළිගත් එක් ප්‍රධාන සැලැස්මක් සැකසීමට  පියවර ගෙන තිබෙනවා.

10 ව්‍යාපෘති 500 සඳහා ආයෝජනය කර ඇති මුදල
'ළඟම පාසල හොඳම පාසල ' වැඩසටහන යටතේ 2019 සැප්තැම්බර් මස 9 වන  දින සිසු අයිතියට පත් කරන ව්‍යාපෘති 500 සඳහා ආයෝජනය කර ඇති මුදල රුපියල් මිලියන 10,000ක්.