පාර්ලිමේන්තුව තුළ මනුෂ්‍ය ඝාතන තැතකට අනුබල දීමේ චෝදනා ගොනුකරමින් කථානායක කරු ජයසුරිය මහතාට එරෙහිව තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ බව එක්සත් ජනතා නිදහස්
සන්ධානයේ ත්‍රිකුණාමලය
දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේ මහතා ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තුවේ උණුසුම්කාරී සිද්ධි ඇති වූ දිනයක පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දෙදෙනකු පිහි දෙකක් රැගෙන මැතිසබයට පැමිණීමේ සිද්ධිය කථානායක කරු ජයසූරිය මහතාට එම අවස්ථාවේදී දැනුම් දුන්නද ඒ ගැන ඔහු කිසිදු තැකීමක් සිදු නොකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේ මහතා පෙන්වා දෙයි.

මේ ගැන කථානායකතුමාට පැමිණිලි කරන ආකාරය සහ ඊට කථානායකතුමා දක්වන ප්‍රතිචාරය තම ජංගම දුරකථනයෙන් වීඩියෝ ගතකර ඇති බවත් එය පරීක්ෂණ කටයුතු සඳහා ඕනෑම අවස්ථාවක ඉදිරිපත් කිරීමට තමා සුදානම් බවත් සුසන්ත පුංචිනිලමේ මහතා සඳහන් කරයි. මේ ගැන රහස් පොලිසිය තමාගෙන් ඉදිරියේදී ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බවත් එවිට මැතිසබයට පිහි රැගෙන ඒම, ඒවා නැවත ගෙන යෑම  සහ කථානායකතුමා දැක්වූ ප්‍රතිචාරය ගැන සවිස්තර තොරතුරු තමා රහස් පොලිසිය හමුවේ ප්‍රකාශ කිරීමට සූදානම් බවද වැඩිරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු  මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේ මහතා ප්‍රකාශ කළේය.


-ඩබ්ලිව්.කේ.ප්‍රසාද් මංජු-