කෝට්ටේ මනගර සභා බල ප්‍රදේශයේ ක්‍රියාත්මක වන සම්බාහන මධ්‍යස්ථානවලින් සියයට අනුනවයක්ම නීති විරෝධිව බලපත්‍ර රහිතව පවත්වාගෙන යන ඒවා බව කෝට්ටේ මහ නගර සභා ප්‍රධාන වෛද්‍ය නිලධාරී
වෛද්‍ය මනෝජ් රොද්‍රිගෝ මහතා පැවැසීය. කෝට්ටේ නගර සභා බල ප්‍රදේශයේ එවැනි සම්බාහන මධ්‍යස්ථාන 62ක් පමණ ක්‍රියාත්මක වන බවට තොරතුරු අනාවරණය වී තිබෙන අතර ඉන් 30ක් ඉකුතු (02දා) පරීක්ෂාවට ලක්කර වසා දැමීමට ක්‍රියාකළ බවත් ඒ මහතා පැවැසුවේය.


ඉදිරී දින කිහිපයේදී නගර බල ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙමින් පවතින අනෙකුත් සම්බාහන මධ්‍යස්ථාන පරීක්ෂාවට කටයුතු සම්පාදනය කර ඇතැයිද හෙතෙම
තවදුරටත් සඳහන් කරයි.  මෙවැනි මධ්‍යස්ථාන බොහොමයක් සම්බාහන ලේබලය යටතේ පවත්වාගෙන යන ගණිකා මධස්ථාන බවට තොරතුරු අනාවරණය වී තිබෙන බවත් එවැනි ස්ථාන වසා දැමීමට හෝ ඊට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවත් මේ සඳහා පොලිසියේ සහාය ඇතිව තවරටත් වැටලීම් කරන බවත් වෛද්‍ය මනෝජ් රොද්‍රිගෝ මහතා කීය.

පසුගියදා වැටලීම් කළ එවැනි මධ්‍යස්ථානවල සේවයේ යොදවා සිටි කාන්තාවන් වෙත කිසිදු ප්‍රමිති වෛද්‍ය සහතිකය හෝ වෙනත් සෞඛ්‍යා ආරක්ෂිත ලියවිල්ලක් නොතිබිණි. සම්බාහන පවත්වාගෙන යනවා යැයි පවසන කාමර තුළ ලිංගික උත්තේජන ඇතිවන ඡායාරූප අලවා තිබීම මඟින් එහි සම්බාහනයට වඩා වෙනත් කාර්යයක් වන බවට සැක කළ හැකි බවත් හෙතෙම සඳහන් කරයි.

-ඉනෝකා උදයාංගනී-