පසුගිය කාල පරිච්ඡේදය තුල වාර්තා වූ වෙඩි තැබීමේ සිද්ධීන් අනුව නිති විරෝධී ගිනි  සංසරණය ඉහලි ගොස් ඇති බව පෙනී ගොස් තිබෙන නිසා

2019 ජනවාරි 1 වන දින සිට මාර්තු අග දක්වා
මාස තුනක කාලය තුළදී නීති විරෝධී ගිනි අවි අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් පොලිස්පති තුමාගේ උපදෙස් මත ක්‍රියාත්මක වෙමින් පවතින බව පොලිසියදැනුම් දී තිබේ.
මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක වන කාලය තුළදී නීති විරෝධී ගිනි අවි අත්අඩංගුවට ගනු ලබන නිලධාරීන්ට හා පුද්ගලික ඔත්තුකරුවන් සඳහා පොලිස්පති තුමාගේ නියමයෙන් පොලිස් ත්‍යග අරමුදලෙන් පහත පරිදි ත්‍යාග මුදල් ගෙවීමට අනුමැතිය ලබා දී ඇති අතර එම ත්‍යග මුදල් කොට්ඨාස භාර නිලධාරීන් විසින් එම අත්අඩංගුවට ගැනීම් සිදු කල දින සිට සති දෙකක් ඇතුලත ගෙවීම් කටයුතු සිදුකල යුතු බවට වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇතැයි පොලිසිය දැනුම් දේ.