මහජනයා සඳහා කාලගුණ අනාවැකි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් 2019 ජනවාරි මස 21 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.




දිවයිනේ බොහෝ ප්‍රදේශවල තරමක ශීත උදෑසන සහ රාත්‍රී කාලයන් අපේක්ෂා කෙරේ.

හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතී.

දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගූණ තත්ත්වයක් පවතී.

--------------------------
ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් 2019 ජනවාරි මස 21 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.


හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකළපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 30-40 පමණ වේ.

මන්නාරම සිට පුත්තලම සහ කොළඹ හරහා බලපිටිය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 පමණ දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.

ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිලිබදව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

-------------------------
ඉදිරි පැය 36 සදහා කාලගුණ අනාවැකිය

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් 2019 ජනවාරි මස 20 දින සවස 1600 ට නිකුත් කරන ලදි.


දිවයිනේ බොහෝ ප්‍රදේශවල තරමක ශීත උදෑසන සහ රාත්‍රී කාලයන් අපේක්ෂා කෙරේ.

හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතී.

දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගූණ තත්ත්වයක් පවතී.

ගම්පහ, මොණරාගල සහ අම්පාර දිස්ත්‍රික්කවල විටින් විට හමන පැ.කි.මී. 40 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැක.