නිවස බලා පයින් යමින් සිටි දස හැවිරිදි පාසල් සිසුවියන් දෙදෙනකු ත්‍රිරෝද රථයකින් පැමිණ පැහැරගෙන යාමට තැත් කළ තරුණ අඹු සැමි යුවළක් පෙරේදා 15 වැනිදා රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව පූගොඩ පොලිසිය
පවසයි.  මෙම අඹු සැමි යුවළ පැමිණි ත්‍රිරෝද රිය සමග එහි රියදුරා ද පොලිස් ඛාරයට ගත් බව පොලිසිය සඳහන් කරයි. ඉකුත් සඳුදා (14 වැනිදා) පස්වරු 2.30ට පමණ සිසුවියන් දෙදෙනා පාසල ඇරී පැපිලියවල අමුහේන-මුල්ලකැල්ල පාරේ නිවෙස වෙත පයින් ගමන් කරමින් සිටිය දී ත්‍රීරෝද
රථයෙන් පැමිණි මෙම තරුණ අඹු සැමි යුවළ ඔවුන් දෙදෙනා ත්‍රිරෝද රථයට නංවා ගෙන  පලා යාමට තැත් කරද්දී දෙදෙනාම දුව ගොස් බේරී තිබෙන බව ද පොලිසිය කියයි.

ඉන් පසුව ත්‍රිරෝද රථය මදක් ඉදිරියට ධාවනය කොට නැවත  ආපසු හරවාගෙන පලා ගොස් තිබෙන බවත් පොලිසිය කියයි.  මේ පිළිබඳව සිසුවියන්ගේ මවුවරුන් සහ පොලිසියට කළ පැමිණිල්ල අනුව වහාම ක්‍රියාත්මක වී ත්‍රිරෝද රථය සමග එහි රියැදුරු කිරිදිවැල නගරයේ දී අත්අඩංගුවට ගෙන ඔහුගේ ප්‍රකාශ මත මේ අඹු සැමි යුවළ ද අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අඹු සැමි යුවළ කුරුවිට ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර,
සැමියාගේ වයස අවුරුදු 31ක් හා බිරියගේ යස අවුරුදු 21ක් වන බවත් පොලිසිය කියයි.  ත්‍රිරෝද රථ රියැදුරා කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචිකරුවකු එන අතර, අකරතැබියට මුහුණපෑවේ පැපිලියාවල ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනය ලබන සිසුවියන් දෙදනකු බ ද පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගත් අඹු සැමි යුවළ හා ත්‍රිරෝද රථ රියදුරා පුගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.