තමන් ඉදිරියට පිලිගන්නේ එජා පෙරමුනේ අගමැතිවරයෙකු පමණක් බවට ටීඑන්ඒ මන්ත්‍රීවරුන් 14 දෙනෙකු
අත්සන් සහිතව ජනපති
මෛත්‍රිපාල සිරිසේන වෙත යොමු කළ ලිපියෙන් පසුව එජාපය එයට සම්බන්ධ ලිපියක් අද සම්බන්දන් වෙත යොමු කර ඇත.
පසුගිය 29 දා ටීඑන්ඒ මගින් ජනපති මෛත්‍රිපාල සිරිසේන වෙත යොමු කළ ලිපියට ස්තූතිය පළ කරමින් එජාප සභාපතිවරයා ටීඑන්ඒ නායක සම්බන්දන් වෙත සිය ලිපියෙන් අවධාරණය කර ඇත්තේ තමන්ගේ පක්ෂයේ අගමැති අපේක්ෂකයා වනු ඇත්තේ රනිල් වික්‍රමසිංහ බවයි.
එජාප සභාපති කබීර් හෂීම් එයට අත්සන් තබා  ඇති අතර කොපියක් ජනපතිට යොමු කර ඇත.