එක්සත් ජාතික පෙරමුණ සංවිධානය කළ යුක්තියේ සටන නමින් අද කොළඹ ගාලුමුවදොර පිටියේදී පැවති ජන රැළිය විශාල ජන රාශියකින් යුතුව පැවැත්විණි. එහිදී සභාව අමතමින් පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල්
වික්‍රමසිංහ මහතා විශේෂ හෙළිදරව්වක් කළේය.


එනම් එජාපය ඉදිරි මැතිවරණ සඳහා පුළුල් සන්ධානයකින් තරග වදින බවත් ඒ වෙනුවෙන් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නමින් නව පක්ෂයක් ලියාපදිංචි කරන බවත්ය.
පසුගියදා ව්‍යවස්තාවට පටහැණි ලෙස ජනපති පාර්ලිමේන්තුව විසුරුවා හැර ගතවූ දින කිහිපය තුළ මහමැතිවරණය පිලිබඳ කතාබහක් එජාපය තුළ ඇතිවූ අවස්ථාවේ මෙම සංකල්පය මුල්වරට කල එලි බැස්ස බව දේශපාලන ආරංචි වාර්තා කර තිබුණි.

එම නව පක්ෂයේ අරමුණ නම් දෙමළ මුස්ලිම් සිංහල සියලු පක්ෂ වලට එකම ලකුණකින් තරග වැදීමට ඇති හැකියාවයි.
 මහින්ද රාජපක්ෂගේ පොහොට්ටුව ඇතුළු සන්ධානයට ප්‍රබල තරගයක් ලබාදීමට නම් මෙවැනි සන්ධානයක් බිහි කළ යුතු බවට එජාපය තුලින් මෙන්ම එජා පෙරමුණට අයත් අනෙක් පක්ෂ වලින්ද අදහස් මතුව තිබුණි.
ඒ අනුව ඉදිරි මැතිවරණ සූදානමින් එජාපය මුල්වී මෙම නව පක්ෂයෙ වැඩ අරඹනු ඇත.