ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා එක්සත් ජාතික පෙරමුනේ නියෝජිතයින් සමග අද (2) දෙවන දිනට යොදා
තිබූ සාකච්ඡාව හෙට (3) දින රාත්‍රී 8 දක්වා කල්තබා ඇති බව වාර්තාවේ.
පසුගිය සිකුරාදා ද්‍රවිඩ ජාතික සංධානය හා පැවති සාකච්චාවකින් අනතුරුව එජා පෙරමුනේ නියෝජිතයින් හා ජනපති සාකච්චා කළ අතර එහිදී වේලාව මද වීම නිසා ඉරිදාට එය කල් තබා තිබුනි. කෙසේ වෙතත් එලෙස කල් දැමූ
සාකච්ඡාව හෙට 3 සඳුදා දක්වා නැවත කල් තබා තිබේ.
ද්‍රඩිඩ නියෝජිත පිරිස සමග කළ සාකච්ඡාවේදී 5 වනදා මහින්දට එරෙහි පාර්ලිමේන්තු යෝජනාවක් ගෙනෙන ලෙස ජනපති දන්වා තිබූ අතරම මහින්දට බහුතරය නැති බවද පවසා තිබුනි. එසේම 7 වනදාට කලින් සිය ගැසට්ටුව ඉල්ලා අස්කරගන්නා බවට ඉඟියක්ද ලබාදී තිබුණි.
කෙසේ වෙතත් එජා පෙරමුණ සමග වැඩි වේලාවක් එදින ජනපති කථා කලේ නැති අතර අර්බුදයට ඉක්මන් විසඳුක් අවශ්‍ය බවට කතාවක් කළ බව පමණක් වාර්තා විය.
මේ සාකච්ඡා අතර කාලයේදී එජාපයේ අගමැති ලෙස නම් කරන්නේ රනිල් වික්‍රමසිංහ පමණක් බවට සභාපති කබීර් හෂීම්ගේ ලියමනක් ජනපතිට හා ද්‍රවිඩ සන්ධාන නායකයාට යවා තිබෙන අතර මෙම යෝජනාව සමග ජනපති රනිල්ව තෝරන්නට ඇති අකමැත්ත නොපෑහීම මත ගැටලු මතුව ඇති බව දේශපාලන ආරංචි වාර්තා කර තිබුනි.
 හෙට 3 වනදා ජනපතිගේ පාර්ලිමේන්තු විසුරවීමේ තීන්දුව සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ විභාගයද ඇරඹෙන අතර එය 7 වනදා දක්වා පැවැත්වේ.