නිරතුරුව මාතෘ භූමිය වෙනුවෙන් තීන්දු තීරණ ගනිමින් නිර්භීතව කටයුතු කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

මහතාට
සියලු සංඝ රත්නයේ ආශිර්වාදය හිමි වන බව පූජ්‍ය දිඹුලාගල දේවලංකාර හිමි ප්‍රකාශ කළා.
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කලේ මනම්පිටිය පාලම අසල ශ්‍රී වාලුකානදී බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකළ සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ උත්සවයේ දී විශේෂ අනුශාසනාවක් ඉදිරිපත් කරමිනි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමක්ද මෙහිදී සිදුකළා.