පාර්ලිමේන්තුවේ නව විපක්ෂ නායක ධුරයට මහින්ද රාජපක්ෂ මහතා පත් කළ යුතු බවට
අද (18දා) දිනයේ ලිඛිතව
කථානායකවරයාට දැනුම් දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන  පැවැසීය. විපක්ෂයේ බහුතර මන්ත්‍රී පිරිසක් එක්සත් ජනතා නිදහස් සන්ධානයට සිටින බැවින් මෙවර අනිවාර්යයෙන්ම විපක්ෂ නායක ධුරය ලබා ගැනීමට කිසිදු බාධාවක් නොමැති බවද මන්ත්‍රිවරයා කීවේය.

අද පෙරවරු 10.00ට පාර්ලිමේන්තුවේදී සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම රැස් වී පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කරන බවද ගුණවර්ධන මන්ත්‍රිවරයා කීය. විපක්ෂ නායකවරයා පත්වීමෙන් පසුව  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක තනතුරට පත් කරන්නේ කවුරුන්ද යන්න නම් කරන බවද මන්ත්‍රිවරයා වැඩිදුරටත් පැවැසීය.

-රුචිර දිලාන් මධුසංඛ-