ඊයේ රාත්‍රියේ ජපානයේ අවන්හලක සිදුවූ පිපිරීමක් නිසා 42 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය
වාර්තා කරයි. උතුරුදිග ජපානයේ හොකයිඩෝ දූපතේ සැපරෝ නමැති නගරයේ මෙම පිපිරීම හා ගින්න ඇතිව තිබේ.
මෙම පිපිරුම ගෑස් නල

පිපිරීමක් බවටද සැකයක් පහළවී ඇත. සිද්ධිය ජපානයේ වේලාවෙන් රාත්‍රී 8.30 ට පමණ සිදුව තිබුණ අතර එම අවස්ථාවේ විශාල ගින්නක් සමග අවන්හලම පුපුරාගිය බවත් ඒ අසළ ගොඩනැගිල්ලක් කඩා වැටීමට ලක්වූ බවත් වාර්තාවේ.

ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ 20 ක් උපයෝගී කරගෙන තිබේ. තුවාලකරුවන් ගොඩනැගිලි කොටස් අතර සිරව සිටීදැයි සැකය මත මෙහෙයුමක්ද අරඹා ඇති නමුත් රාත්‍රී කාලයේ එය සෙවීම දූෂ්කරවී තිබුණි.
තුවාල ලද 42 දෙනා අතර බරපතල තත්වයේ පසුවන කිහිපදෙනෙකුද සිටින බව වාර්තාවේ.තුවාල ලද අය ගැන විස්තර තවම වාර්තා නොවේ.